කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්න එජාපයෙන් සැලසුම්

කොවිඩ් වසංගතයෙන් කඩා වැටුණු රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද, ජන ජිවීතය නගා සිටුවන්නේ කෙසේද යන ප්‍රශ්නවලට එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් සැලසුම් සකස් කරමින් සිටින බව එහි සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

අද (23) අභයාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කඩා වැටුණු ආර්ථිකය නැවත නගා සිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයටත් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් තිබෙනවා. මේ වනවිටත් සකස් කරමින් සිටිනවා. වර්තමාන රජය බලයට පත්වුණේ ජාතීවාදී, ආගම්වාදී මතවාද පතුරවමින් ජනතාව මහා මුලාවකට ඇදදමලයි. ඒ වගේම රට විකුණනවා, රට නැති කරනවා කියමින් මේ අය බොරු ප්‍රචාර දියත් කළා.. විශේෂයෙන් මේ පාලන කාලය තුළදී එළිවෙමින් තිබෙනවා අපේ පාලන කාලය තුළ කරපු දේවල් හරි කියලා. මොකද ඒවා වෛරයෙන්, ක්‍රෝධයෙන් ඒවාට එරෙහිව පෙනී සිටියා පමණක් නොව වත්මන් පාලනය යටතේ නැවත ඒවා යළි ක්‍රියාත්මක කරමින් ඉන්නවා.” යැයි ද හෙතෙම පැවසීය.


Exit mobile version