කටුනායක පී.සී.ආර් රසායනාගාරය ගැලවීමේ ප්‍රසන්නගේ ප්‍රයත්නය ජනපති නවත්වයි..

සමන්තිකා වීරවර්ධන –                                                

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථාපිත කර තිබෙන කොවිඩ් පරික්ෂණ රසායනාගාරය එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   සෞඛ්‍ය බලධාරීන්ට  දැනුම් දී ඇත.

පසුගියදා පැවති කොවිඩ් නියාමන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කර තිබිණි.

වසර දෙකක් යන තෙක් ගුවන්තොටුපල හරහා යන මගීන් සියලුම දෙනා පීසීආර් පරික්ෂණ මුදල් ගෙවා  කර ගත යුතුව ඇත.


වසර දෙකකට පෙර කොවිඩ් උවදුරු මෙරටින් තුරන් වුවද අදාල පරික්ෂණ මෙම රසායනාගාරය තුළ සිදුවිය යුතු බවද එම කමිටු රැස්වීමේ දී තීරණය කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම රසායනාගාරය අදාල ස්ථානයෙන් ඉවත් කර මිනුවන්ගොඩ රෝහලට ගෙනයාමටත් ගුවන්තොටුපල තුළ ජර්මානු මූල්‍ය සාගමක් මගින් නව රසායනාගාරයක් ආරම්භ කිරීමටත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග විසින් මින් පෙර උත්සාහ දරා ඒ පිළිබඳව ලිඛිතව සෞඛ්‍ය ඇමතිවරිය වෙත දන්වා තිබිණි. 

Exit mobile version