කටුගස්තොට රෝහලේ වෛද්‍යවරයෙක් කොවිඩ් ආසාදිතව මිය යයි!

covid

කොවිඩ් ආසාදිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් වෛද්‍යවරයෙක් අද ( 15) සවස දිවි සැරියෙන් සමු ගත්තේය.

මෙසේ මිය ගොස් තිබුණේ  කටුගස්තොට රෝහලේ   බාහිර රෝගී අංශයේ සේවය කළ සයිඩ් රෆයිඩීන් නැමැති වෛද්‍යවරයෙකි.

“ ලෙඩ්ඩුන්ට පුදුමාකාර විදිහට කැපවුනු ඩොක්ටර් කෙනෙක්… මොනම වෙලාවකවත් තමන් ගැන කල්පනා කරලා රෝගීන් මග හැරියෙ  නෑ…  අසරණ මිනිස්සුන් මෙතෙන නැතිනම් ආයෙ වෙන කොහෙ යන්න ද කියලා කිව්වෙ…“  කටුගස්තොට රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ලංකාසරට කීවේය.


කොවිඩ් වසංගතයක් ලෙස උත්සන්න වෙමින් ඇති අවස්ථාවේ දී කටුගස්තොට රෝහල කොවිඩ් ආසාදිත ගර්භනී මවු වරුන් වෙනුවෙන් වෙන් කෙරිනි.  එබැවින් කටුගස්තොට රෝහලට කොවිඩ් අවදානම වැඩි වූයේය. වෛද්‍ය සහීඩ් හිටියේ මේ සියලු අවදානම් මැද්දේය.

ඒ අවදානම වැඩි වූයේ ඔහු  විශ්‍රාමිකව සිට   වයස අවුරුදු 65 දක්වා වෛද්‍යවරුන් වෙත යළි සේවය කිරීමේ අවස්ථාව සලසා දීමේ දී ස්වකැමැත්තේන් රාජකාරියට එක් වූ වෛද්‍යවරයෙක් බැවිනි.

එහෙත් වයස අවුරුදු 60ත් ඉක්ම වූ මෙම වෛද්‍යවරයා කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන නැති බව මේ වනවිට හෙළි වී ඇත.

කොවිඩ් ආසාදිත බව දැනගත් වහාම ඔහුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි. ඔහුව රෝහල්ගත කර තිබුණේ පසුගිය 18 වැනි දා ය.

වෛද්‍ය සයිඩ්  දැඩි සත්කාර ඒකකයේ සති තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දැරූ බවත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අර්ජුණ තිලකරත්න   කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මළ සිරුරු භූමදාන කටයුතු සඳහා ඔට්ටමාවඩි ජාතික කොවිඩ් භූමදාන මධ්‍යස්ථානයේදී හෙට  (16) භූමදානය කිරීමට නියමිතය.

 

Exit mobile version