කටාර් ලෝක පාපන්දු තරගාවලිය ශ්‍රි ලාංකිකයන් ඇතුළු 6500ක් බිලිගනී

මීට වසර 10 කට පෙර ලෝක කුසලානය පැවැත්වීමේ අයිතිය දිනාගත්දා සිට කටාර්හිදී ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවලින් සංක්‍රමණික කම්කරුවන් 6,500 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාඩියන් පුවත්පත අනාවරණය කරයි.

එරට රජයේ මූලාශ්‍රවලින් සම්පාදනය කරන ලද සොයාගැනීම්වලින් කියැවෙන්නේ 2010 දෙසැම්බරයේ කටාර් රාජ්‍යයට 2022 වසරේ ලෝක පාපන්දු තරගාවලිය පැවැත්වීමේ වරම හිමි වීම සමරමින් දෝහාහි වීදිවල සෙනග පිරී ගිය රාත්‍රියේ සිට සෑම සතියකම දකුණු ආසියානු රටවල් පහෙන් සංක්‍රමණික කම්කරුවන් 12 දෙනෙකු පමණ මිය යන බවයි.

ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල දත්තවලින් හෙළිවී ඇත්තේ 2011-2020 කාලය තුළ සංක්‍රමණික සේවකයන් 5,927 ක් මිය ගොස් ඇති බවයි. 2010 සිට 2020 දක්වා කාලය තුළ පාකිස්තාන තානාපති කාර්යාලයේ දත්තවලට අනුව පාකිස්තාන කම්කරුවන් 824 ක් මිය ගිය බව වාර්තා වේ.


පිලිපීනය සහ කෙන්යාව ඇතුළු රටවලින් කටාර් රාජ්‍යයට කම්කරුවන් විශාල සංඛ්‍යාවක් යවන රටවල් ගණනාවක සංක්‍රමණිකයන් මරණ මෙම සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවන බැවින් සමස්ත මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි ය. 2020 අවසාන මාසවල සිදු වූ මරණ ද මීට ඇතුළත් නොවේ.

පසුගිය වසර දහය තුළ කටාර්හි පෙර නොවූ විරූ ගොඩනැඟිලි ඉදිකිරීමේ වැඩසටහනක් දියත් කර ඇති අතර එය බොහෝ දුරට 2022 දී පාපන්දු තරඟාවලියට සූදානම් වීමකි. නව ක්‍රීඩාංගණ හතකට අමතරව ප්‍රධාන ව්‍යාපෘති දුසිම් ගණනක් නිම කර හෝ නව ගුවන් තොටුපළක්, මාර්ග ඇතුළුව , පොදු ප්‍රවාහන පද්ධති, හෝටල් සහ නව නගරයක් ඉදිකරමින් ලෝක කුසලාන අවසන් තරඟයට සත්කාරකත්වය දරයි.

මෙම මරණ වාර්තා වෘත්තිමය ලෙස හෝ රැකියා ස්ථානයෙන් වර්ගීකරණය කර නොමැති නමුත්, මියගිය බොහෝ කම්කරුවන් මෙම ලෝක කුසලාන තරගාවලියේ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල සේවයේ යොදවා තිබී ඇති බව කම්කරු අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥ උපදේශක කණ්ඩායමක් වන ෆෙයාර්ස්ක්වෙයාර් ව්‍යාපෘති අධ්‍යක්ෂක නික් මැක්ගීහාන් පවසයි. “2011 සිට මියගිය සංක්‍රමණික කම්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් රට තුළ සිටියේ කටාර් ලෝක කුසලාන සඳහා සත්කාරකත්වය දිනා ගත් නිසා” යැයි ඔහු පැවසීය.

ලෝක කුසලාන ක්‍රීඩාංගණ ඉදිකිරීමට සෘජුවම සම්බන්ධ වූ කම්කරුවන් අතර මරණ 37 ක් සිදුවී ඇති අතර, ඉන් 34 ක් “වැඩ නොවන කටයුතුවලට සම්බන්ධ” ලෙස වර්ගීකරණය කර ඇත්තේ උත්සව සංවිධායක කමිටුව විසිනි.

විශේෂඥයන් මෙම යෙදුම භාවිතා කිරීම පිළිබඳව ප්‍රශ්න කර ඇත්තේ ඇතැම් අවස්ථාවලදී රැකියා ස්ථානයේ සිදු වූ මරණ විස්තර කිරීම සඳහා මෙය භාවිතා කර ඇති බැවිනි. ක්‍රීඩාංගණ ඉදිකිරීම් ස්ථානවල කඩා වැටීම්වලින් මියගිය කම්කරුවන් ගණනාවක් ද ඊට ඇතුළු වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිලියන 2 ක ප්‍රබල සංක්‍රමණික ශ්‍රම බලකායක් ආරක්ෂා කිරීමට කටාර් අසමත් වී ඇති අතර විශාල වශයෙන් තරුණ කම්කරුවන් අතර ඉහළ මරණ අනුපාතයක් ඇතිවීමට හේතු සොයා බැලීමට පවා ඔවුන් අසමත් වී ඇති බවට ගාඩියන් පුවත්පත චෝදනා කරයි.

Exit mobile version