කටාන ප්‍රාදේශීය සභා ලේකම් පිස්සු කෙළියි.. කටාන ප්‍රාදේශීය සභාව වසා දැමේ…

නිරෝධායන නීති කඩකර පී.සී.ආර් කරන් වැඩට ඇවිත්... කොවිඩ් පොසිටිව්වග වාර්තා වනවිට කාර්යාලයේ වැඩ..

කීර්ති ප්‍රනාන්දු – 

කොරෝනා රෝග ලක්ෂණ සඟවමින්,  රහසේ පී.සී.ආර් පරීක්ෂණයක් කරගත් පසුත් නිරෝධායනය නොවී සේවා ස්ථානයට පැමිණ සේවය කරමින් සිටිය දී කොවිඩ් ආසාදිත බව තහවුරු වූ කටාන ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගේ වගකීම් රහිත හැසිරීම නිසා මේ වනවිට  ප්‍රාදේශීය සභා සභාපති, සියලුම මන්ත්‍රීවරුන් අතුළු කාර්යමණ්ලය සාමාජිකයන්  නිරෝධායනයට ලක් කර ප්‍රාදේශිය සභාව තාවකාලිකව වසා දමන්නට සිදු වූ බව කටාන ප්‍රාදේශිය සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

වාර්තාවන පරිදි කතාව මෙසේය.

මෙම ලේකම්වරයා කටාන ප්‍රාදේශීය සභාවට පත්ව ඇත්තේ අලුතිනි. අලුතින් පැමිණි ලේකම්වරයා දිගටම රැස්වීම් ගණනාවක් සංවිධානය කර විශාල සමාජ නිරාවරණයක් සිදු කර තිබේ.


මේ සියලු රැස්වීම් කැඳවන අතරතුර ඔහුට කොවිඩ් ආසාදිතයෙකුට පෙන්වන සියලු රෝග ලක්ෂණ මතු වී ඇත. එහෙත් ඒ බව සඟවමින් රහසේ පුද්ගලික රෝහලකින් පී.සී.ආර් පරීක්ෂණයක් කරගත් මේ නිලධාරියා දිගටම කාර්යාලයට පැමිණ  ඇත.

පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව පැමිණ ඇත්තේ අද (08) දහවල්ය. ඒ වනවිටත් මෙම නිලධාරියා කටාන ප්‍රාදේශීය සභාවේ රාජකාරි කරමින් සිටි ඇත.

පී.සී.ආර් වාර්තාව අනුව ලේකම්වරයා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වූ වහාම ඔහුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට කටයුතු කර ආශ්‍රිතයන් පිළිබඳ සොයා බැලීමේ දී මුළු ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයම සහ එහි මන්ත්‍රීවරුන් ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් බව තහවුරු වී ඇතැයි කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මුලු ප්‍රාදේශිය සභාවේම නිලධාරීන් හා කාර්යමණ්ඩලය හා මන්ත්‍රීවරුන් නිරෝධායනය කර ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමට සාකච්ඡා කරමින් ඇති බව ඔහු වැඩිදුරටත් කීය.

 

Exit mobile version