කට්ටි පැන්න නාකොටික් නිලධාරියා බාරවෙයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයම ව්‍යසනයට ලක් කරමින් මහා පරිමාණ කුඩු ජාවාරමේ මහ මොළකරු ලෙස කටයුතු කළ බවට හඳුනාගෙන සිටින පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර අද (07) දහවල් 11ට පමණ කඩවත පොලිසියට භාර විය.
 
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිදුව ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාලව ඔහු අත්අඩංගුවට  ගැනීම සඳහා අද උදේ පොලිසිය මහජන සහාය පැතුවේය.
 
වැලිවේරියේ කිරිකත්ත පාරේ පදිංචිව සිටි සමන් කුමාර කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පිහිටි මත්ද්‍රව්‍ය කාර්යාංශ ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙසද සේවය කර තිබිණි

Exit mobile version