කච්චතිව් මුහුදේදී ඉන්දීය ධීවරයින් 27ක් අත්අඩංගුවට

දිනසේන රතුගමගේ

උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා හඹා ගිය නාවික හමුදාවේ යාත්‍රා හයක් කච්චතීව් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු 14 දා අත් අඩංගුවට ගෙන තිබේ.

මේ ධීවරයින් පිරිස ඉන්දියාවේ රාමේස්වරන් ප්‍රදේශයේ සිට මසුන් මැරීම සදහා පැමිණ තිබූ අතර නාවික හමුදාව ඉන්දීය යාත්‍රා ලුහුබදින විට මුහුදේ ඉන්දීය යාත්‍රා 750 ක් පමණ තිබී ඇත.


නමුත් නාවික හමුදා නිලධාරීන් දුටු ඉන්දීය ධීවර යාත්‍රා ඈත මුහුදට පලා ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 27 දෙනා කන්කසන්තුරේ නාවික හමුදා කදවුර වෙත රැගෙන විත් යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත බාර දී තිබේ.

Exit mobile version