කංජිපානි ඉම්රාන්ගේ පියාව කැපුවේ ඉන්දියාවෙන් දීපු කොන්ත්‍රාත්තුවකට

කොන්ත්‍රාත් එක දුන්නේ මෝදර පූකුඩිකන්නා.

කංජිපානි ඉම්රාන් නැමැති කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුගේ පියාට ඊයේ (17) එල්ල වූ ප්‍රහාරය ඉන්දියාවේ සිට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ එකක් බවට මේ වන විට පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබේ. ඉන්දියාවට පැන සිටින කොළඹ මෝදර පාතාලයේ සාමාජිකයකු වන පූකුඩිකන්නා නැමත්තාගේ වුවමනාවට මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැනැත්තා ද මෝදර ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

වසර දෙකකට පමණ ඉහත සිදුවූ සිදුවීමකට පළිගැනීමක් ලෙස මෙය සිදු කර ඇති බවට මේ වනවිට අනාවරණය කරගෙන ඇති අතර එයට හේතුව ලෙස දැක්වෙන්නේ පූකුඩිකන්නා නැමැත්තාගේ පියාට 2018 අගෝස්තු  මාසයේ 03 වැනිදා ‍වෙඩි තබා ඝාතනය කිරීමය. එදින මෝදර තැපැල් කාර්යාලය අසලදී සිදුවූ මෙම ඝාතනයෙන් පසුව පියාගේ අවසන් කටයුතු සඳහා පැමිණෙන පූකුඩිකන්නාද ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් කර තිබූ බව හෙළි වේ.

මෙම සිදුවීමට පළිගැනීමක් ලෙස ඊයේ (17) සවස මාලිගාවත්ත සද්ධර්ම මාවතේ දී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. දැනට ඉන්දියාවට පැන ගොස් සිටින පූකුඩිකන්නා මෙම ප්‍රහාරය සඳහා මීට සෑහෙන කලක සිට සැලසුම් කළ ද කොරෝනා වසංගතය සහ ඇඳිරි නිතිය පැවති නිසා එය සිදු කරගත නොහැකිව තිබේ. ප්‍රහාරය සඳහා යොදා ගත් පුද්ගලයන්ට වරින් වර රුපියල් දස දහස පහලොස් දහස වැනි ගණනින් මුදල් ලබා දීමටද පූකුඩිකන්නා ඉන්දියාවේ සිට කටයුතු කර ඇති බව අනාවරණය වේ.  මෙම ප්‍රහාරයෙන් කැපුම් කෙටුම් තුවාල සහිතව කංජිපානි ඉම්රාන්ගේ පියා   කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.


මෙම ප්‍රහාරය ත්‍රි රෝද රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු විසින් සිදු කරන ආකාරය අතුලත් මේ වනවිට සී.සී.ටී.වී  දර්ශන මේ වනවිට සමාජ ජාලා තුළ සංස්රණය වෙමින් ඇත. මේ දර්ශන නිරීක්ෂණයෙන්   එයින් එක් සැකකරුවකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ව්‍යාජ ලිපිනයකින් සහ විදේශ ගමන් බලපත්‍රයකින් අනුරාධපුර පදිංචිකරුවකු ලෙස පෙනී සිටිය ද ඔහුද මෝදර ප්‍රදේශයේ පුද්ගලයකු බව මේ වනවිට අනාවරණය වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හි සාදයක සිටිදී අත්අඩංගුවට ගැනුණු කංජිපානි ඉම්රාන් මත්කුඩු සහ අපරාධ රැසකට චෝදනා ලද පුද්ගලයෙකි. ඔහු මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර බන්ධනාගාරයේ   සිටද විවිධ අපරාධ සඳහා උපදෙස් අනුබල ලබා දෙන්නකු බව පැවසේ. ඔහු සිරගතව සිටින කාලයේදී බන්ධනාගාරයට ප්ලාස්ටික් බඳුනක පතුලේ රහසිගතව ජංගම දුරකථනයක් රැගෙන යාම හේතුවෙන් බන්ධනාගාරගතව සිටීමටද කංජිපානි ඉම්රාන්ගේ පියාට සිදුවිය.

Exit mobile version