මේ වනවිට රට තුළ ඖෂධ 216 ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරන්නේ හිඟයක් පවතින නමුත් ඉදිරි මාසවලදී එම හිඟය ඖෂධ 100 ට වඩා අඩු කිරීමට අමාත්‍යාංශයට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.
ජීවිතාරක්ෂක ඖෂධ 14ක් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක් නොමැති බව වෛද්‍ය රත්නායක සහතික තර ඇත.
දැනට භාවිතයේ පවතින ආසන්න වශයෙන් ඖෂධ 1300 න් 383 ක් අත්‍යාවශ්‍ය ඖෂධ ලෙස සැලකේ.
කෙසේ වෙතත්, වත්මන් හිඟය ඖෂධ 216 කට බලපාන අතර, හැකි ඉක්මනින් එම ඖෂධ මිලදී ගැනීමට උත්සාහ කරමින් සිටීන බව අතිරේක ලේකම්වරයා පවසයි.