ඕමානයේ සුරක්ෂා නිවසේ සිටින කාන්තාවන් 77න් 65ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නෑ…

Oman_L

දැනට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල, සුරක්ෂිතාගාරයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 77දෙනා අතරින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී මෙරටින් පිටය ගොස් ඇත්තේ 12දෙනෙකු පමණක්  බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර සංචාරක වීසා මත ඕමානයට සහ ඩුබායි රාජ්‍යයට ශ්‍රමිකයින් යැවීමේ මාෆියාවක් ඇති බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් මෙම මාෆියාව පසුපස සිටින බවත් විදේශ රැකියා නියෝජිත ආයතන සංගමයේ ලේකම් මොහොමඩ් අර්ෂාඩ් මාධ්‍යයට හෙළි කළේය.

Exit mobile version