වසර 60කට වැඩි වෘත්තීය ජීවිතයකදී ඔස්කාර් සම්මාන දෙකක් දිනාගත් විශිෂ්ඨ චරිතාංග නළුවෙකු වන ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ වන පියානෝ වාදන ශිල්පිනී බෙට්සි අරකාවා සහ නිවසේ සිටි සුරතල් බල්ලා සමඟ මිය ගොස් ඇති බව නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ හි ෂෙරිෆ් කාර්යාලය අද ( 27) නිවේදනය කළ බව ඒජන්සි වාර්තා සඳහන් කරයි.
ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය පැවසුවේ 95 හැවිරිදි හැක්මන් සහ 64 හැවිරිදි බෙට්සි මියගොස් සිටිය දී අද (27) දහවල් 1:45 ට පමණ සොයා ගත් බව ය.
“මේ අවස්ථාවේ මරණයට නිශ්චිත හේතුව නිශ්චය කර නෑ… මෙය සැන්ටා ෆේ ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය විසින් ක්‍රියාකාරී සහ අඛණ්ඩ පරීක්ෂණයක් සිදුකරනු ලබනවා” ප්‍රාන්ත ෂෙරීෆ් කාර්යාලය පැවසුවේය.
ස්වකීය ගාම්භීර රළු හඬ නිසාම වඩාත් ප්‍රසිද්ධ වූ හැක්මන් රංගන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර නාවික භටයෙකු ලෙස සේවය කළේය. වර්ෂ 1960 ගණන්වල මුල් භාගයේ ආරම්භ වූ දිගු වෘත්තීය රංගන ජීවිතය තුළ චිත්‍රපට 80කට අධික සංඛ්‍යාවක මෙන්ම රූපවාහිනියේ සහ වේදිකාවේ ද හැක්මන් පෙනී සිටියේය.
1967 දී “බොනී ඇන්ඩ් ක්ලයිඩ්” චිත්‍රපටයේ බැංකු මංකොල්ලකාර ක්ලයිඩ් බැරෝගේ සහෝදරයා ලෙස රඟපෑ ඔහුගේ විශිෂ්ඨ රූපණය වෙනුවෙන් ඔහු සිය පළමු ඔස්කාර් නාමයෝජනා ලබා ගත්තේය. 1971 දී “අයි නෙවර් සැන්ග් ෆෝ මයි ෆාදර්” චිත්‍රපටය සඳහා හොඳම සහය නළුවා ලෙසද ඔහු නිර්දේශ විය.
අධ්‍යක්ෂ විලියම් ෆ්‍රීඩ්කින්ගේ ත්‍රාසජනක චිත්‍රපටයක් වන “ද ෆ්‍රෙන්ච් කනෙක්ෂන්” හි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුපස හඹා යන නිව්යෝර්ක් රහස් පරීක්ෂක පොපේ ඩොයිල් ලෙස ඔහුගේ රංගනය හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබුවේය.
1993 දී “අන්ෆර්ගිවන්” චිත්‍රපටයේ නපුරු ෂෙරිෆ්වරයෙකු ලෙස කළ රංගනයට හොඳම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය ද ඔහු දිනා ගත්තේය. 1988 “මිසිසිපි බර්නිං” හි එෆ්බීඅයි නියෝජිතයෙකු ලෙස ඔහුගේ රංගනය ඇකඩමි සම්මානය සඳහා නිර්දේශ විය. ඔහු අවසාන වශයෙන් රංගනයට දායක වන්නේ වර්ෂ 2004 දී “වෙල්කම් ටු මූස්පොට්” විකට චිත්‍රපටය සඳහාය.
නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ නගරයෙන් පිටත ජීවත් වූ හැක්මන් දෙවරක් විවාහ විය. ඔහුට දරුවන් තිදෙනෙකු සිටියේය. ඔහුගේ පළමු බිරිය ෆේ මෝල්ටිස් ය. ඇය 2017 ඔහු 1991 දී බෙට්සි අරකාවා සමඟ විවාහ විය.







