ඔව්… අපි දේශපාලනය කරන්නෙ රටේ ආණ්ඩුව ගන්න… අපේ කටවල්වලට ඉබ්බො දාන්න බෑ!

මෛත්‍රී හම්බන්තොට දී කියයි!

තමන්ගේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේත් කටවල්වලට ඉබ්බන් දමා   යතුරු බත්තරමුල්ල පොහොට්ටු කාර්යාලයේ තබා ගන්නට ඇතැමුන්ට අවශ්‍ය වුවත් එය සිදුනොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මේ රටේ ආණ්ඩු කළ පක්ෂයක් ලෙස තම අභිමතාර්ථය මේ රටේ පාලන බලය ගැනීම බවත්  තමන් දේශපාලනය කරන්නේ ඒ සඳහා බවත් හිටපු ජනපතිවරයා කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ   හම්බන්තොට පැවති දිස්ත්‍රික් සමුලුව අමතමිනි. හිටපු ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සෑම දිස්ත්‍රික්යකම මෙම දිස්ත්‍රික් සමුලු සංවිධානය වෙමින් ඇත.


සමුලුව අමතමින් හිටපු ජනපතිවරයා මෙසේ ද පැවසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන කටයුතු අපි කරන්නේ මේ රටේ ආණ්ඩු කරපු පක්ෂයක් විදිහට ඉදිරියේ දී මේ රටේ ආණ්ඩු කීරීම සඳහා තමයි. ඒක පැහැදිලිව කියන්න  ඕන.

පහුගිය මැතිවරණයේ දි අපේ 14 දෙනෙක් පාර්ලිමේන්තුවට ආවා. ලොකු අයයි පොඩි අයයි මැද අයයි බට්ටොයි චුට්ටොයි  ගෙම්බොයි ඔක්කොම ගැහුවා. අපේ තරග කරපු ලංකාවෙ පුරා හිටපු අපේක්ෂකයින්ට  ඔක්කොම උකුස්සො කියන්න පටන් ගත්තා. මම හරි කැමතියි අපට උකුස්සො කියනවාට.  බකමූණො තමයි අපට උකුස්සො කියන්නෙ. හැබැයි ඔබ අහලා ඇති  උකුස්සා කවදාවත් හැංගෙන්නෙ නෑ  වහින වෙලාවට. වහින වෙලාවට වලාකුළු වලිට උඩින්  ඉන්නෙ.  අපිත් උපක්‍රම ක්‍රමවේද හැකියාවන් දක්ෂකම් තිබෙන පිරිසක් කියලා තමයි එකෙන් කියන්නෙ.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“හොරකම  දූෂණය කියන එක ඉහවහා ගිහිල්ලා. මේවා කතා කරනකොට ආණ්ඩුව තුළ ඉඳගෙන අපට වටකරලා ආයෙ ගහන්න අරන් තියනවා.  සමහර අයට ඕන වෙලා තියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙයි වැඩ කරන අයගෙයි කටවල්වලට ඉබ්බො දාලා   යතුර අර බත්තරමුල්ල නෙළුම් මාවතේ  පොහොට්ටුවෙ කාර්යාලයේ සේප්පුවෙ දාලා තියන්න.    හැබැයි අපේ කටවල්වලට ඉබ්බො දාන්න කාටවත් පුලුවන් කමක් නෑ… අපි ඇත්ත කතා කරනවා.“

Exit mobile version