ටෝකියෝ ඔලිම්පික් නිල පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්

මේ දිනවල ජපානයේ ටෝකියෝවේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ බේස්බෝල් තරගය සඳහා භාවිත කරන නිල පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් බව එහි ගොස් සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුවේ බේස්බෝල් සහ සොෆ්ට්බෝල් තරගයන් හි නියෝජ්‍ය තාක්ෂණික මෙහෙයුම් කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන සුජීව විජේනායක මහතා සමඟ ඡායාරූපයකට පෙනී සිටිමින් ක්‍රීඩා අමාත්‍යවරයා සිය නිල සමාජ ජාලයේ මෙම සටහන තබා තිබුණි.

“ඇඟලුම් නිර්මාණවලට වගේම ක්‍රීඩා ඇඟලුම් නිෂ්පාදනයේ ද ලෝක පරිමාණයේ ඉහළ නමක් දිනා සිටින අපේ රටට ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනයේද ලෝක වෙළෙඳපළක් දිනාගැනීමට හැකිවීම අපගේ ක්‍රීඩා ආර්ථිකයේ තවත් ඉදිරි පිම්මක් ලෙස සැළකිය හැකියි. එමෙන්ම මෙමගින් අපේ රටේ ක්‍රීඩා ආර්ථිකය නංවාලීමට ද විශාල දායකත්වයක් ලබාදෙනවා. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදී බේස්බෝල් ක්‍රීඩාවේදි භාවිත කරන පන්දුව අපේම රටේ නිෂ්පාදනයක් වන ඒ සඳහා මැදිහත්වු සුජීව විජේනායක මහතාට මා ස්තුතිවන්ත වනවා.” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවර ඔලිම්පික් තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ සිටින එකම ශ්‍රී ලාංකිකයා වන්නේ ද සූජිව විජේනායක මහතා ය.

Exit mobile version