ඔන්ලයින් පනතට එරෙහිව ජාති ආගම් භේදවලින් තොරව රටපුරා විසිරුණු සිවිල් සංවිධාන සහ විද්වත්හු එක මිටට රොක් වෙති!

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම්වලට මුළුමනින්ම පටහැණි ලෙස මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සංවිධානය වීමේ අයිතිය සහ සිවිල් ක්‍රියාකාරීත්වයන්හි නිරතවීමේ අවකාශ සීමා කරමින් ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති ‘ඔන්ලයින්’ පනත් කෙටුම්පත ඇතුළු මර්දනකාරී පනත් කෙටුම්පත් වලට විරෝධය දක්වා ලංකාව පුරා විදිහිදී ඇති ප්‍රධානම සිවිල් පුරවැසි සංවිධාන  56ක් සහ පුලුල් පරාසයක් නියෝජනය කරන විද්වත් සිවිල් ක්‍රියාකාරිකයින් 56 දෙනෙක් විසින්  ඒකාබද්ධ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. 

රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයාමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දරමින් සිටින උත්සාහයට දැඩි ලෙස විරෝධය පලකරමින්  නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

මහජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සීමා පනවමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය සාමූහිකව පරාජය කරමු!

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම්වලට මුළුමනින්ම පටහැණි ලෙස මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සංවිධානය වීමේ අයිතිය සහ සිවිල් ක්‍රියාකාරීත්වයන්හි නිරතවීමේ අවකාශ සීමා කිරීමේ මර්දනකාරී අණ පනත් ගෙන එමින්, රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයාමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දරමින් සිටින උත්සාහය පිළිබඳව සමාජ දේශපාලන ක්‍රමයේ යහපත් හා ගැඹුරු වෙනසක් අපේක්ෂා කරන පුරවැසියන් සහ සමාජ ක්‍රියාකාරිකයින් වශයෙන් අපගේ දැඩි අවධානය යොමුවී තිබේ.

ඉදිරි සතිය තුළ සම්මත කරගැනීමට සැලසුම්කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ප්‍රති ත්‍රස්ථ පනත ඇතුළු මහජන පීඩාකාරී පනත් කෙටුම්පත් කිහිපයම අපට පෙනී යන්නේ රටේ පුරවැසියන් බියවද්දමින් හා ජනතාවගේ අදහස් ප්‍රකාශකිරීම් අයිතිවාසිකම මැඬලමින්, ඉදිරි මැතිවරණ කෙසේ හෝ ජයගැනීමේ ඉලක්ක ඇතිව ක්‍රියාවට නැංවීමට උත්සාහ දරන පටු ක්‍රියාමාර්ග වශයෙනි. මහජනතාව විසින් ලබාදුන් ජනවරමකින් තේරී පත්නොවූ ජනාධිපතිවරයෙකු සහ මහජනතාවගෙන් මුළුමනින්ම ප්‍රතික්ෂේප වී සිටින මහජන නියෝජිතත්වයකින් සමන්විත පාර්ලිමේන්තුවකට එවැනි මහජන පීඩාකාරී අණ-පනත් සම්මත කරමින් නව නීති පැනවීමට කිසිඳු සදාචාරාත්මත අයිතිවාසිකමක් නොමැති බව රටේ පරමාධිපත්‍යය දරන පුරවැසියන්, සමාජ ක්‍රියාකාරිකයින් හා වෘත්තීය සමිති ක්‍රියාධරයින් වශයෙන් මෙම ප්‍රකාශනයට අත්සන් තබන අප සැමගේ විශ්වාසයයි.


මහජනතාව වෙත එල්ලවූ අසීමිත පීඩනය දරාගත නොහැකිව, ‘ක්‍රමයේ වෙනසක්’ සහ අදූෂිත, ජනහිතකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉල්ලා සිදු වූ ජන අරගලයකින් අනතුරුව එළඹෙන ඉදිරි මැතිවරණය රටට ඉතාම තීරණාත්මක මැතිවරණයකි. ඉදිරි මැතිවරණය මහජනතාවට කිසිදු වාරණයකින් තොරව නිරවද්‍ය, සමබර, අපක්ෂපාතී හා අපාක්ෂික තොරතුරු වෙත ප්‍රවේශවීමේ හැකියාව සහතික කෙරෙන, විවාදය සහ සාකච්ඡාව සඳහා සුදුසු මහජන වේදිකාවක් සැපයෙන, නිදහස් හා සාධාරණ මැතිවරණයක් බවට පත්වීම අත්‍යාවශ්‍යය. ආණ්ඩු පක්ෂයට සේම විරුද්ධ පක්ෂවලටද සිය අදහස් හා ප්‍රතිපත්ති පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ සියලු අවස්ථා එහිදී සහතික විය යුතුය. රටේ පුරවැසියන්ගේ කට වහන, මහජනතාව බිය

ගන්වන නීති රීති එවැනි ජනහිතකාමී පරිසරයකට සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බරපතල හානියකි. දීර්ඝ කාලයක් තිස්සේ ඇතැම් දේශපාලකයින් හා ඇතැම් දූෂිත නිලධාරීන් විසින් විනාශ මුඛයට ඇද දමා ඇති රටකට තව දුරටත් නීතියට ඉහළින් සිටින ඒකාධිපති පාලකයින් කිසිවෙකු අවශ්‍ය නොවන බව විස්වාස කරන අප, සාමූහික පුරවැසි බලවේගයක් වශයෙන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව, විපක්ෂය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ ආර්ථිකය,ජීවන බර ඇතුළු විවිධ කාරණා හේතුවෙන් රජයට එරෙහිව නැඟෙමින් තිබෙන ජනතා හඬ මර්දනකාරී ලෙස යටපත් කිරීමේ උත්සාහය අත්හැරදමා ප්‍රජාතන්ත්‍රවාදී  පරිසරයක් නිර්මාණය කරන ලෙසය.

ආණ්ඩුවේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත පෙත්සම්කරුවන් 52 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කළ අතර පෙත්සම් විභාගය ආරම්භයේදීම නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම සම්පාදනය කළ පනත් කෙටුම්පතේ වගන්ති 35 ක් තමන් විසින්ම සංශෝධනය කිරීමට අදහස් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රකාශකිරීමට නීතිපතිවරයාට සිදුවිය. පෙත්සම් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූයේ එහි වගන්ති 31 ක් සංශෝධනය විය යුතු බවය. මේ අතර ලොව පිළිගත් සමාගම් රාශියකින් සැදුම්ලත් ‘ආසියානු ඉන්ටනෙට් සන්ධානය’ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පෙර සහ පසු අවස්ථා දෙකකදී ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යවරයා අමතා දීර්ඝ ලිපි දෙකක් ලියමින් පෙන්වාදී ඇත්තේ, ‘ජාත්‍යන්තර රෙගුලාසිකරණයේ මූලධර්ම මේ පනත් කෙටුම්පත මගින් උල්ලංගණය’ කර ඇති බවය. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමග එම පනත් කෙටුම්පතේ වලංගුභාවය සම්පූර්ණයෙන්ම අහෝසි වූ අතර ශිෂ්ට සම්පන්න ආණ්ඩුවක් විසින් කළ යුතුව තිබුණේ එය කුණු බක්කියට විසිකර දැමීම වුවත් ජනවාරි 23 වැනිදා එය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සංශෝධන සහිත පනත සම්මත කරගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලජ්ජාසහගත උත්සාහයක නිරතවෙමින් තිබේ.

පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වීමෙන් පසුව පළමු දිනයේදීම නීතිපතිවරයා විසින් සංශෝධන 35 ක් යෝජනා කිරීමෙන්, නීතිපති දෙපාර්තමේන්තුව හෑල්ලුවට ලක්වූ අතර එයින් පෙනී යන්නේ වෙනත් අයෙකු විසින් සකස් කරන ලද ලියැවිල්ලක් නිසි ලෙස අධ්‍යයනය කිරීමකින් තොරව නීතිපතිවරයා විසින් පනත් කෙටුම්පතක් ලෙස අනුමතකර ඉදිරිපත්කර ඇති බවයි. මෙය ජාත්‍යන්තරව අවධානයට ලක්වූ පනත් කෙටුම්පතක් වූ අතර දැඩිලෙස කඩතොළු සහිත ලියැවිල්ලක් නීතියක් බවට පත්කරගැනීමට දැරූ පටු උත්සාහය නිසා රටක් වශයෙන් ශ්‍රී ලංකාවට බලවත් හානියක් සිදුවූ බවද අපගේ නිරීක්ෂණයයි. එමගින් රටට සහ  නීතිපති දෙපාර්තමේන්තුවට සිදුවූ අපකීර්තියට වන්දි ගෙවීමක් වශයෙන් නීතිපතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බව අප සාමූහිකයේ අදහසයි. එසේම රට තව තවත් අපකීර්තිමත් තත්ත්වයට පත් නොකොට මෙම කඩතොළු සහිත පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් වහා ඉල්ලා අස්කරගතයුතු බව අපගේ ස්ථාවරයයි.

අන්තර්ජාලය පාලනය කිරීම සඳහා පනත් කෙටුම්පතක අවශ්‍යතාවයක් නොමැති බව අපගේ අදහස වන අතර අන්තර්ජාලය ඔස්සේ සිදුවන වැරදි සඳහා ක්‍රියාත්මක වීමට අවශ්‍ය තරම් නීති අප රට තුළ දැනටමත් පවත්නා බව අපගේ විශ්වාසයයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද සංශෝධන, එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් නිසි ලෙස අන්තර්ග්‍රහනය කර නොමැති බව නීති විශාරදයන් විසින් මේ වනවිට පෙන්වාදී තිබෙන අතර මෙය අතිශය බැරෑරුම් තත්ත්වයකි. එම පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් නොකර එය වහාම හකුළා ගන්නා ලෙසත්, ආසියානු අන්තර්ජාල කවුන්සිලය, තානාපති කාර්යාල, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින ආකාරයට පාර්ශවකරුවන් සමග ඉතා දීර්ඝ සාකච්ඡාමය ක්‍රියාවලියකින් පසු, එවැනි පනත් කෙටුම්පතක් අවශ්‍යනම් සකස් කිරීම සම්බන්ධව තීරණයක් ගන්නා ලෙසත් අපි ආණ්ඩුවට බල කර සිටිමු.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ලවී තිබූ කෲර වධ හිංසා චෝදනාව සම්බන්ධයෙන් ඔහු වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබියදී ඔහු තනතුරෙන් ඉවත් නොකොට තවදුරටත් තනතුරේ තබාගැනීම මගින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පෙන්නුම් කරමින් සිටින්නේද ජනතා පරමාධිපත්‍යයේ මූලික කුළුණක් වන අධිකරණය නොතකා හරිමින් සහ එය හෑල්ළුවට ලක් කරමින් ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීමට ඔවුන් තුළ පවත්නා අභිලාශයයි.

රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයින් ලක්ෂ 36 කට සෘජුවම බලපාන වෘත්තීය සමිති  ආඥා පනත, කාර්මික ආරවුල් පනත, පඩිපාලක සභා ආඥා පනත ඇතුළු පනත් 13 ක් අහෝසි කරමින් වෘත්තිය සමිති ක්‍රියාකාරීන් සමඟ ඇතිකරගන්නා එකඟතාවයකින් තොරව ‘සේවා නියුක්ති පනත’ නමින් තනි කම්කරු පනතක් ගෙනඒමට ආණ්ඩුව දරමින් සිටින උත්සාහයද, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වැලැක්වීමේ පටු අරමුණින් අනුගමනය කරමින් සිටින විවිධ රාජ්‍ය මර්දනයන්ද ‘සංවිධානයවීමේ අයිතියට’ එරෙහි ඒකාධිපතිත්වයේම තවත් ලක්ෂණ ලෙස අප හඳුනාගන්නා අතර ඒ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළට ගෙන එන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු.

මේ සියලු කාරණා මග හැර ආණ්ඩුව තවදුරටත් මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කරන්නේනම් එය ඡන්ද විමසීමේ අවස්ථාවේදී පරාජය කරන ලෙස අප ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රගතශීලී මහජන නියෝජිතවරුන් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු. මහජනතාවගේ හඩ නොසලකා හරිමින් මෙම පනත් කෙටුම්පත්වලට පක්ෂව ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව ඔවුන්ට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වන ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ඔස්සේ මහජනතාව දැනුම්වත් කරමින් ඔවුන් මහ මැතිවරණයකදී පරාජයට පත් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට පුරවැසි සාමූහිකයක් වශයෙන් අප පසුබට නොවන බවද අවධාරණය කර සිටිමු.

මෙම සියලු කරුණු මධ්‍යයේ විධායක බලතල යොදා ගනිමින් ජනාධිපතිවරයා ඒකාධිපති පාලකයෙකු බවට පත්වීමට ගනු ලබන උත්සාහය අප තරයේ හෙළා දකිමු. එසේම ඉදිරි මැතිවරණයකට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ ඉතා කෙටි කාලයක දී ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගනිමින් සියලු පුරවැසියන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ජීවත්විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කිරීම සඳහා කැපවෙන ලෙස අපි සියලු මහජන නියෝජිතයින්ට යෝජනා කර‍න අතර සියලුම දේශපාලන පක්ෂවලට ඒ සම්බන්ධයෙන් බල කර සිටිමු.

Free Media Movement
Sri Lanka Working Journalists’ Association
Young Journalists’ Association of Sri Lanka
Media Law Forum
Law and Society Trust
National Cooperative Development Fund
Hashtag Generation
Association of Health Professionals
Sri Lanka Postal and Telecommunication Service Union
All Ceylon Management Service Officers’ Union
South Asia Free Media Association
Ceylon Teachers’ Union
Ceylon Trade Union Federation
United Postal Trade Union Front
Savisthri National Women’s Moment
Uva Wellassa Women’s Organization
Movement for the Defence of Democratic Rights (MDDR)
Free Media Movement Tarde Union (FMMTU)
Ceylon Teachers’ Union
Moment for Land and Agriculture Reform (MONLAR)
National Fisheries Solidarity Movement (NAFSO)
Shramabhimani Center 
Dabidu Collective
Women’s Action for Social Justice (WASJ)
United Federation of Labour (UFL)
Federation of Media Employees Trade Unions (FMETU)
Muslim Media Forum
Jaffna Press Club
Tamil Women Journalists Association
Tamil Media Alliance
Transparency International Sri Lanka
Free Trade Zone Union
South Asian Women in Media Network- Sri Lanka
Ceylon Bank Employees Union (CBEU)
South Asian Free Media Association
People’s Commission of Women in Sri Lanka
The Voice of Truth
Stand Up Movement in Sri Lanka
Trade Union to Upliftment of Sri Lanka Railway
Freedom Trade Union Center (FTUC)
Prabha Abhilasha Network
People’s Alliance for Right to Land (PARL)
Voice of the plantation people organization (VoPP)
Sri Lanka All Telecommunication Employees’ Union
Unite – Trade Union and Mass Organization Collective
Media.LK
RED Organization
Nature Foundation
Media Pro-Tech
PEN Sri Lanka
National Movement for Social Justice
Standup Workers Union
Asian Media and Cultural Association
Women Center Sri Lanka
Protect Union
Human Rights Documentation Center (INFORM)

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Father Sarath Iddamalgoda
Prof Arjuna Pararkarama
Prof Liyanage Amarakeerthi
Prof Nirmal Ranjith Dewasiri
Prof Vijaya Jayathilaka
Dr Ravindra kariyawasam
Dr Rathna Sri Wijesinghe
Dr Kalpa Rajapaksa
Senior Lecturer Anuruddha Pradeep Karnasuriya
Thusitha Siriwardena, Attorney at Law
D M Dissanayake, Attorney at Law
Journalist Seetha Ranjanee
Journalist Hana Ibrahim
Journalist Upali Kolambage
Journalist Ananda Dharmapriya Jayasekara
Journalist Thimbiriyagama Bandara
Journalist Saroj Pathirana
Journalist T M G Chandrasekara
Senior researcher Sarath Kellapatha
Journalist Tharindu Iranga Jayawardena
Journalist Sujeewa Senarath
Littérateur S Nandalal
Social Activist Jayani Abeysekara
Journalist Jayasiri Jayasekara
Journalist Prasad Poornimal
Journalist Shalika Wimalasena
Civil and Human Rights Activist Cyril Pathirage
Creativist Nandasiri Dhrmaratne
Dramatist and Civil Activist Roy Rodrigo
Journalist Indika Roshan Garusinghe
Journalist Chamara Sampath
Civil and Human Rights Activist Suranga Rupasinghe
Journalist Priyan R Wijebandara
Environmentalist Hemantha Withanage
Environmentalist Sajeewa Chamikara
Trade Unionist Chinthaka Bandara
Dramatist Ranasinghe Adhikari
Lyricist Sudath Gamini Bandara
Social Activist Thamara Dayani Heetimullage
Shrinath Perera, Attorney at Law
Journalist Nayanajeewa Bandara
K.W. Janaranjana, Attorney at Law
Journalist K. Sanjeewa
Journalist Lasantha Ruhunage
Journalist Sunil Jayasekara
Journalists Sakeef
Marine Engineer Kamal Wanniarachchi
Social Activist Manjula Gajanayake
Journalist Manjula Wediwardhana
Social Activist Udaya Kalupathirana
Economist Umesh Moramudali
Social Activist Sandaya Eknaligoda
Journalist Poddala Jayantha
Journalist Thushara Weerarathna
Journalist Jini Jayasekara
Journalist R. Yasiharan
Social Activist Saman Senevirathna

Exit mobile version