ඔක්සිජන් හිඟවුනේ ස්ථාන කීපයක පමණයි… එය තාවකාලික තත්වයක්… සෞඛ්‍ය අංශ කියයි…

Covid

FILE PHOTO: A patient wearing an oxygen mask is seen inside an ambulance waiting to enter a COVID-19 hospital for treatment, amidst the spread of the coronavirus disease (COVID-19) in Ahmedabad, India, April 25, 2021. REUTERS/Amit Dave/File Photo

අනපේක්ෂිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග සමහර ස්ථානවල තාවකාලික ඔක්සිජන් හිඟයක් ඇති වූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේය.

අනවශ්‍ය ලෙස ද්‍රව්‍ය ගබඩාකිරීමක් සිදුනොවන නිසා අනපේක්ෂිත රෝගීන් ඉහළ යෑමක දී වෙනත් ස්ථානයකින් ඔක්සිජන් ගෙන්වා ගන්නා තෙක් පමණක් එම තාවකාලික තත්වය ඇති වූ බව ඔහු පෙන්වා දුන්නේය.

“ එය කිසිසේත්ම සම්පූර්ණ ධාරිතාව ඉක්මවා යෑමක් නොවෙයි.“ ඔහු පැහැදිලි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 63ක් වාර්තා කළේය.

ඒ අනුව මේ රටින් නිල වශයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත මරණ ප්‍රමාණය 4258ක් දක්වා ඉහළ ගියේය.

Exit mobile version