ඒ.ටී. ආරියරත්නයන් දිවි සැරියෙන් සමුගනී!

ශ්‍රි ලංකාවේ ගාන්ධි ලෙස හඳුනා ගනු ලැබූ විශිෂ්ට සමාජසේවකයෙක් වන ඒ.ටී. ආරියරත්නයන් දිවි සැරියෙන් සමුගෙන තිබේ.

මිය යනවිට එතුමා 93 වියේ පසුවූයේය.

එක් දහස් නමසිය පනස් අට වසරේ ආචාර්ය ඒ.ටී. ආරියරත්න කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකි. එවක ඔහු නාලන්දා විද්‍යාලයයීය සමාජ සේවා සංගමයේ උප සභාපතිද විය.

එමගින් විවිධ සමාජ සේවා කටයුතු කල අතරතුර නාලන්දාවේ ජ්‍යෙෂ්ඨ සිසුන් හතලිහක් සමගින් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ කතොළුව ගමේ ශ්‍රමදාන කඳවුරක් කිරීමෙන් සර්වෝදය උපත ලැබීය. 1960 දී මෙම සමාජ සේවයට සර්වෝදය යන නම තැබීය. එය මහත්මා ගාන්ධිතුමාගේ වචනයකි.


පුද්ගල සහ සාමූහික උදාවක් තුළින් ප්‍රජාවේ මූලික මානුෂික අවශ්‍යතා සපිරෙන, සාධාරණ, තිරසාර සහ දයාන්විත සමාජ ක්‍රමයක් ගොඩනැංවීම සර්වෝදය ව්‍යාපාරයේ අරමුණ විය. සර්වෝදය ව්‍යාපාරයේ ආදර්ශ පාඨය වූයේ “සියලු දෙනාගේ ම සම්පූර්ණ අවදිවීම” යන්නය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ ඔස්සේ ලංකාවේ රජයකට කළ නොහැකි මට්ටමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ඒ.ටී ආරියරත්නයන් ජාතියට ඉටු කළේය.

Exit mobile version