ඒක්සත් රාජධානියේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට පහරදීම පිටුපසු පාකිස්ථානය සිටින බවට සැකයක්

එක්සත් රාජධානියේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට එල්ල වූ ප්‍රහරය පාකිස්තානයේ ඔත්තු සේවා ඒජන්සිය වන අයි.එස්.අයි ආයතනයේ අනුදැණුම මත සිදුවූ බවට ඉන්දියාව සහ ඉන්දියානු ඩයස්පෝරා අධ්‍යයනය සඳහා පදනම පැවසීය.

ඉකුත් ඉරිදා ඒක්සත් රාජධානියේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විශාල විරෝධතාවයක් පැවැති අතර ඒහිදී ඉන්දීය ධජය පවා ඉරා දැමීමට විරෝධතාකරුවෝ උත්සහ කළහ. ඒහිදී වහාම ක්‍රියාත්මක වූ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සිටි ඉන්දීය ආරක්ෂක නිලධාරියෙක් ඉන්දීය ධජය ආරක්ෂා කිරීමට සමත්විය.

ඒම අවාස්ථාවේදී විරෝධාකරුවන් විශාල පිරිසක් සිටියද ඉන්දීය ධජය ආරක්ෂා කිරීමට කටයුතු කිරීමට කටයුතු කළ ආරක්ෂක නිලධාරියාට ඉන්දීය ජනතාවගෙ විශාල පැසසුමකටද ලක්විය.


ඒ් අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැවීමට ඉන්දියාව සහ ඉන්දියානු ඩයස්පෝරා අධ්‍යයනය සඳහා පදනම විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි.
“පකිස්තානයේ අයිඑස්අයි බොරු ප්‍රචාර සමඟ සීක් රැඩිකල්කරණයට උසිගැන්වීම සහ අරමුදල් සැපයීම පිටුපස සිටින බව අපි තරයේ සැක කරනවා. අන්තවාදයට එරෙහිව නැගී සිටින ලෙස සීක් බහුතරය ඇතුළු ඉන්දියානු ඇමරිකානුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා,” යනුවෙන්ද ඒහිදී ඔවුන් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාව සහ ඉන්දියානු ඩයස්පෝරා අධ්‍යයනය සඳහා පදනම පෙන්වා දෙන ආකායරට ඛලිස්තාන් ආධාරකරුවන් ලොව පුරා ව්‍යාකූලත්වයක් ඇති කිරීමට පටන් ගෙන තිබේ. ලන්ඩනයේ විනාශකාරී ක්‍රියාවලින් පසුව, ඛලිස්තාන් ආධාරකරුවන් ඇමරිකා ඒක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි ඉන්දියානු කොන්සල් කාර්යාලයට පහර දුන් බවටද වාර්තා විය.. ආධාරකරුවන් දොරවල් කඩා කාර්යාලයට ඇතුළු වන අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ මතුවිය.

Exit mobile version