එස්.එස්.පීගේ දියණිය අනතුරකට ලක්කළ සුපිරි ජීප් රිය කුලී ආයතනයක එකක්

අනතුර වූ ගමන් අංක තහඩුව ඉවත් කරලා

කොළඹ 07 නිදහස් මාවතේ දී ඊයේ සවස අනතුරකට ලක් වූ වාහනය රාජගිරිය ගෝතමි පාරේ පිහිටි සුඛෝපභෝගී වාහන කුලියට සපයන ආයතනයක නමින් ලියාපදිංචි කර ඇති එකක් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ දියණිය විසින් පදවන ලද මෙම රථයේ ඇය සමඟ තවත් මිතුරන් දෙදෙනකුද සිට ඇති බව අනාවරණය වී තිබේ.

අනතුර සිදුවී සුළු මොහොතකින් එම ස්ථානයට පොලිසිය පැමිණ අදාල පියවර ගනිමින් සිටින අතරේ වාහනයේ පැමිණි බව කියවෙන එක් තරුණයකු එහි අංක තහඩුව ගලවා ඉවත්කොට ඇත්තේ හදුනාගැනීම අපහසු වන පරිද්දෙනි. මෙම වාහනයේ අයිතිය සම්බන්ධයෙන් සොයාබැලීමේදි එය මෙම ආයතනයට අයත් බව සොයා ගෙන ඇත.


ඊයේ සවස නිදහස් මාවතේ නන්දා මෝටර්ස් ආයතනයට කඩා වැදීමෙන් එහි ඇතුළත අලෙවියට තබා තිබූ වාහන රැසකට දැඩි අලාභ හානියක් සිදුව ඇති අතර එම වාහනවලට රුපියල් කෝටි ගණනක හානියක් සිදුව ඇති බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සබැඳි පුවත් මෙතැනින්

Exit mobile version