එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අද ඇරඹේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වසරේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් ලියාපදිංචිය ඔන් ලයින් ක්‍රමය ඔස්සේ අද (21) සිට ලබන 27 මධ්‍යාහන 12 තෙක් විවෘත කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.

එම ලියාපදිංචිවීම සදහා සපුරාලිය යුතු පිරිවිතයන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දක්වා ඇති අතර ජාතික කණ්ඩායම් නියෝජනය කර ඇති හෝ පළමු පෙළ තරඟ ක්‍රීඩා කර ඇති දෙස් විදෙස් ක්‍රීඩකයින්ට ඒ සඳහා අවස්ථාව විවෘත වී තිබේ.

පෙර පැවති තරගාවලියේදී නම් කෙරුණු කණ්ඩායම්වල ප්‍රධාන ක්‍රීඩකයින්ගේ වෙනසක් සිදුකරමින් කණ්ඩායම් 05ක් නම් කර ඇති අතර ඉකුත් වසරේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ කුසල් ජනිත් පෙරේරා මෙවර නම් කර ඇත්තේ කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙසය.

දඹුල්ල වයිකින් කණ්ඩායම නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර ඇත. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස ධනුෂ්ක ගුණතිලකත්, දඹුල්ල වයිකින් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස දසුන් ශානකත්, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස වනිදු හසරංගත් නම් කර තිබේ.

මෙවර තරගාවලියේදීද ප්‍රධාන ක්‍රීඩකයෙකු සඳහා අමෙරිකානු ඩොලර් 60,000 ක වටිනාකමක් ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ලබන ජූලි 29 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Exit mobile version