එල්.පී.එල් අවසන් ගැටුම අද සූරියවැව දී

ලංකා ප‍‍්‍රිමියර් ලීග් කි‍‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (16) රාත්‍රී 07ට පැවැත්වීමට නියමිතය.

ප්‍රසාද ලකුණු සටහනේ මුල් හතරෙහි මුල සිටම සිටි තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමත් අවසන් මෙහොතේ පෙරළිකාර ජයග්‍රහණයක් සමග කරලියට පැමිණ එල්.පී.එල්. යෝධයන් සේ සැලකූ කලම්බො කිංග්ස් පරාජය කර අවසන් මහා තරගයට පිළිපන් භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමත් අතර මේ අවසන් ගැටුම පැවැත්වේ.

පළමු අවසන් පූර්ව තරගයේදී කඩුළු දෙකක තියුණු ජයග්‍රහණයකින් කලම්බෝ කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කළ  ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. දෙවන අවසන් පූර්ව තරගයේ දී දඹුල්ල වයකින්ග් කණ්ඩායම ලකුණු 37කින් පරාජය කර  ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අවසන් මහා තරගට පැමිණියේය.


ලංකා ප‍‍්‍රිමියර් ලීග් කි‍‍්‍රකට් තරගාවලියේ වැඩිම ලකුණූ ලාභියා වන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක සහ වැඩිම කඩුළු ලාභියා වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිදු හසරංග අතර අද තරගය පවතිනු ඇති බව විචාරකයෝ අදහස් කරති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසන් මහ තරගයේදී පිටියේ විනිසුරුවන් ලෙස කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ කටයුතු කරන අතර තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල කටයුතු කරයි.

Exit mobile version