දිනසේන රතුගමගේ –
හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව අවසන් යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් වළ දමා ඇතැයි කියන අවි ආයුධ හා රත්තරන් තොගයක් සෙවීම සඳහා මුලතිව් ආරක්ෂක අංශ 24 දා එම ප්‍රදේශයේ කැණීම් ආරම්භ කොට තිබේ.
මෙම ද්‍රව්‍ය වළදමා ඇති ස්ථානය මුලතිව් මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ ඇති බවට එල්.ටී.ටී.ඊ සාමාජිකයා මුලතිව් ආරක්ෂක අංශ වෙත තොරතුරු දැනුම් දීමෙන් පසුව මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් විසින් ලබා දෙන ලද අධිකරණ නියෝගයකට අනුව කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
පොලිසිය, විශේෂ මෙහෙයුම් බලකාය, යුද හමුදාව, ග්‍රාමසේවා නිලධාරි ,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ අධිකරණ වෛද්‍ය නිලධාරි යන නිලධාරීන් ඉදිරියේ කැණීම් කටයුතු ආරම්භ කොට ඇත.