එල්.ටී.ටී.ඊ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට අත්හිටවූ  සිරදඬුවමක්….

daya-master

දිනසේන රතුගමගේ –

එල්.ටී.ටී.ඊ.සංවිධානය නගා සිටුවීමට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත ත්‍රස්ත මර්දන ඒකකය විසින් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් හෙවත් වේලායුදම් දයානිධි ට එරෙහිව වවුනියාව මහාධිකරණයේ ගොණු කොට තිබූ නඩුවේදී ඔහුට වසර දෙකක සිර දඩුවමක් වසර පහක අත්හිටවූ හිර දඩුවමක් වශයෙන් වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන්   විසින් 25 දා නියම කරණ ලදී.

දයා මාස්ටර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.ඒ සුමන්තිරන්  මහාධිකරණය හමුවේ කියා සිටියෙ ඔහු වරද පිළිගන්නා බවත් ඔහු එල්.ටී.ටී.ඊ.සංවිධානයට සේවය කලේ මාසික වැටුපකට බවත්ය.

ත්‍රස්තමර්දන ඒකකය විසින් ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව 2006 අංක 7 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට නීතිපතිවරයා විසින්  2018 ඔක්තෝම්බර් 19 වන දින මෙම නඩුව දයා මාස්ටර්ට එරෙහිව පනවා තිබුණි.


මෙම කරුණු සැලකිල්ලට ගත්  විනිසුරුවරයා දයා මාස්ටර්ට එල්ල වී තිබු  චෝදනා වලින් ඔහුව නිදහස් කොට වසර දෙකක සිර දඩුවමක් වසර පහකට අත් හිටවූ හිර දඩුවමක් වශයෙන් නියම කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එල්.ටී.ටී.ඊ.සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කළ දයා මාස්ටර් යුද්ධයේ අවසන් දින කීපය තුළ යුද හමුදාවට  බාර වූ පුද්ගලයින් කීප දෙනා අතරින් එක් අයෙකි.

Exit mobile version