එල්.ටී.ටී.ඊ කැම්පේන් කළ සිවාජිලිංගම් අද උදේ අත්අඩංගුවට

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් අද (05)  පෙරවරුවේ පේදුරුතුඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

2018 වසරේ මහවිරු දිනය සංවිධානය කිරීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ ව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කොට තිබූ වරෙන්තුවකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු ව  ඇත.

අද උදේ 9.25ට පමණ ඔහුට අයත් වැල්වැටිතුරේ අම්මාන් කෝවිල්අඩි ප්‍රදේශයේ පිහිටි නිවසේදී  මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේ වැල්වැටිතුරේ පොලිසියේ නිලධාරීන් පිරිසකි.


මුලතිව් අධිකරණයේ හා යාපනය අධිකරණයේ සිවාජිලිංගම්ට එරෙහිව නඩු තුනක් විභාග වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු අද දින පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version