බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එල්ලුම් ගහේම තමයි… කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වාස් ගුණවර්ධනලාට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කියවා තේරුම් කර දෙයි…

by editor
දෙසැම්බර් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ.ජේ.ඒ. අබේනායක –

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන චෝදනාවට වරදකරු කර කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියම කළ මරණීය දණ්ඩන තීන්දුව අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට ඊයේ (20) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේදී කියවා දෙන ලදී.

එකී විත්තිකරුවන් හය දෙනාගේම අභියාචනා පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල 2024.8.8 වැනිදා තීන්දුව නිකුත් කළ බවත් එමඟින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල 2015.11.27 වැනිදා නිකුත් කළ තීන්දුව තහවුරු කර ඇති බවත් විත්තිකූඩුවේ සිටි වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා පහදා දුන්නේය.

2013 වසරේ අප්‍රේල් මස සිදු වූයේ යැයි කියන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව විභාග කළ ලලිත් ජයසූරිය, සරෝජනී කුසලා වීරවර්ධන හා අමේන්ද්‍ර සෙනවිරත්න යන විනිසුරු මඬුල්ල විත්තිකරුවන් හයදෙනාටම මරණීය දණ්ඩනය නියම කර තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සම් විභාගය පැවැත්වෙන අතරතුර එම නඩුවේ තුන්වන විත්තිකාර පොලිස් සැරයන් සරත්චන්ද්‍ර අසනීප තත්ත්වයක් නිසා බන්ධනාගාරය තුළදී මියගොස් තිබීම නිසා ඔහු හැර අනෙක් විත්තිකරුවන් පස්දෙනාම ඊයේ (20දා) මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණි.

මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියම කළ දණ්ඩන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරමින් අභියාචනා පෙත්සම් නිශ්ප්‍රභ කර ඇති නිසා මහාධිකරණ තීන්දුව ක්‍රියාත්මක විය යුත්තේ යැයි ද ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේය.

RelatedPosts

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

නීතිඥ අසිත විපුලනායක පස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාතාලයෝ හිතූ මතේ මිනී මරති… අවුරුද්දේ මේ වනවිට 60 දෙනෙක් වෙඩි තබා ඝාතනය කරලා…

Next Post

හැටන් සිට මහනුවර එන බස් එකක් ප්‍රපාතයකට පෙරළෙයි…. 3ක් මරුට… මගීන් සියලු දෙනාටම තුවාලයි…

Related Posts

පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.