එරෝෆ්ලොට් අවුල නිසා ලංකාව   රුසියාවෙන් ඉල්ලූ ඉන්ධන ණයත් අහිමි වෙයිද?

විදේශ සංචිත අර්බුදයක සිටින ශ්‍රි ලංකාව ඉන්ධන ලබා ගැනීම සඳහා ඉල්ලූ   ණය පහසුකටම    රුසියානු රජයෙන් සාධනීය  ප්‍රතිචාරයක් ලැබී   ඒ පිළිබඳව තාක්ෂණික කරුණු සාකච්ඡා කිරීමට අවශ්‍ය පසුබිම සැකෙසෙමින් තිබියදී රුසියානු එරෝෆ්ලෝට් ගුවන් යානයක් මෙරට රඳවා ගැනීම සිදුවුන බවත්,  ඒ හේතුවෙන් මේ සාකච්ඡා සම්බන්ධව යම් අකාරයක ප්‍රතිරෝධයක් ඇති විය හැකි බවත් රුසියාවේ හිටපු තානාපති  උදයංග වීරතුංග පැවසුවේය.

මේ සිද්ධිය නිසා  ශ්‍රි ලංකාව සහ රුසියාව අතර යම් රාජ්‍ය තාන්ත්‍රික් සිත් පළුදු වීමක් සිදුව ඇති බවත්  ඔහු පෙන්වා දුන්නේය.

හිටපු තානාපතිවරයා  පවසන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ඉන්ධන ආනයන ණය යෝජනා ක්‍රමයක්  සම්බන්ධයෙන්  මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේ තමන්ගේද මැදිහත්වීමෙන් රුසියාවෙන් රාජ්‍ය තාන්ත්‍රික මටටමේ ඉල්ලීමක් කළ බවය.

පසුගිය කාලය තුළ පැවැති කැලඹිලි  සහගත තත්ත්වය තුළ ඒ සම්බන්ධ කටයුතු ප්‍රමාද වුවද මේ වනවිට මෙම ණය පහසුකම ලබා ගැනීමට අවශ්‍ය  මූලික පියවර අප පසුකරමින් සිටින බව ද ඔහු කීවේය.


ලංකාසරට අදහස් දැක්වූ හිටපු රුසියානු තානාපති  වීරතුංග  පවසන්නේ  රුසියානු රජය මේ සම්බන්ධයෙන් එකඟතාව පළ කිරීමත් සමඟ එහි ඉදිරි කටයුතු කරගෙන යාමට සැලස්ම්වී  පැවති    බවය.

එහෙත්  එරෝෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීමත් සමඟ මතුවූ තත්ත්වය සමඟ මෙම ඉන්ධන ලබා ගැනීමේ සාකච්ඡා මෙන්ම  මේ වනවිට ශ්‍රි ලංකාවට වැඩිම සංචාරක ආගමනයක් සිදුවන  රුසියාවෙන් ඉදිරියෙදී සංචාරකයන් පැමිණීම පිළිබඳවද බලාපොරොත්තු අත්හරින්නට සිදුවිය හැකි  බව ඔහු  කීවේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වමින්  උදයංග වීරතුංග මෙසේ ද පැවසීය.

“අපට අවශ්‍ය ඉන්ධන මේ මොහොත් ණය පදනමක් යටතේ ගැනීමයි අවශ්‍යතාව. හේතුව අප මුහුණ දී සිටින දැවන්ත විදේශ විනිමය අර්බුදය නිසා. මමත් මැදිහත් වෙලා පසුගිය කාලයේ රුසියානු  රජයෙන් යම් ණය සහනයක් මත ඉන්ධන ලබා ගැනීමෙ ඉල්ලීමක් කළා. එය කළේ රුසියානු අගමැතිවරයා වෙතයි. එයට හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබුණා. නමුත් පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් වැඩ පිළිවෙළ යම් අඩාල වීමක් වුණත් ඊට අදාල පියවර ගැනෙමින් පවතනිවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ණය සම්බන්ධ තාක්ෂණික මටටමේ සාකච්ඡා ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින අවස්ථාවකදීයි මෙම ගුවන් යනා අර්බුදය එන්නේ. පසුගිය මැයි 09 වැනිදා කලබල තත්ත්වයෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තයට කීයක් හරි ගේන එකම කණ්ඩායම රුසියානු සංචාරකයන්. එම සිදුවීමෙන් පසුව පවා සංචාරකයන් හාර දහසකට ආසන්න ප්‍රමාණයක්   ශ්‍රි ලංකාවට පැමිණ තිබෙනවා. මෙම අර්බුදයක් සමඟ ඔවුන් පිළිබඳවත් පවතින බලාපොරොත්තු යම් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා “ යයි ඔහු මෙහිදී සඳහන් කළේය.

Exit mobile version