එරික් පෙරේරාව වෙන්නප්පුවෙන් පැන්නීමට මුල් වුණු අරුන්දිකගේ කසිප්පු ඉල්ලීම

කුඩා පරිමාණ කසිප්පු  පෙරණ පුද්ගලයන්ට ස්වයං රැකියාවක් ලෙස එය පවත්වාගෙන යන්නට ඉඩ දෙන ලෙස අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයා කරන ප්‍රකාශයක් වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා විසින් ප්‍රතික්ෂේප කරන හඬ පටයක් නිකුත් වී තිබේ.

මෙම කථිකාව ඇතිවන්නේ පසුගිය වසරේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමකදීය. මෙහිදී ඇමතිවරයා කියන්නේ වෙන්නප්පුව දංකොටුව මිනිස්සු ජීවත් වීම සඳහා කසිප්පු පෙරූ බවත් අහිසංක අසරණ මිනිස්සුන්ට කසිප්පු බෝතලක් දෙකක් පෙරාගන්නට ඉඩ දෙන ලෙසත්ය. ඔවුන් වෙනුවෙන් විකල්ප වැඩසටහනක් දියත් කරන තුරු කසිප්පු පෙරීමට ඉඩ දෙන ලෙසත්ය.

එහිදී සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා ප්‍රකාශයක් කරමින් තමන් ඉන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැවින් මහා පරිමාණ හෝ සුළු පරිමාණ ලෙස කසිප්පු පෙරීම වර්ග කළ නොහැකි බව කියන්නේය. නීතිය සාමය පමණක් නොව මහජන සෞඛ්‍යයත් විනාශ කරන මේ නීති විරෝධී ජාවාරම ගෘහ කරමාන්තයක් හෝ ස්වයං රැකියාවක් ලෙස පවත්වාගෙන යෑමට ඉඩ දිය නොහැකි බව කියන්නේය. වෙන්නප්පුවෙ මහා පරිමාණ කසිප්පු ජාවාරම් කාරයන් පස් දෙනා ලඟ පොලිසියේ නිලධාරීන් ද දෙකට තුනට නැවෙන බවය. එහෙත් තමන් වෙන්නප්පුවට පැමිණියේ ඒ විනාශය වළක්වන්නට බැවින් ඊට තමන්ම ඒ කටයුත්ත ආරම්භ කර වෙන්නප්පුවෙන් මේ ජවාරම අතුගා දමන බවය.


මේ ඒ හඬපටය ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version