පළාතට දෙන එන්නත ගැන තීන්දුව ගන්නා අය ගැන මහාචාර්ය තිස්ස විතාරණ කියයි

වරාය හෝ ගුවන් තොටුපළ පවතින ප්‍රදේශවල අයට ෆයිසර් එන්නතම ලබා දිය යුතු යයි ලෝකයේ කිසිදු විද්‍යාත්මක මත පළ කිරීමක් සිදුව නැති බවත් කොවිඩ් එන්නත් ලබා දීමේදී අදාළ ප්‍රදේශයට කවර එන්නත දෙන්නේ ද යන්න තීන්දු ගන්නේ බලගතු දේශපාලකයන් බවත් පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සහ වෛරසවේදය පිළිබඳව මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කරයි.

එන්නත් ලබා දීමේ අදාල වැඩසටහන් සඳහා වෛද්‍යවරුන්ගේ අදහස්ද ලබා ගන්නා නමුත් බොහෝ දුරට තින්දු ගැනීමේදී ප්‍රමුඛ වන්නේ මෙම දේශපාලකයන් බව මහාචාර්යවරයා සඳහන් කළේ හම්බන්තොට වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණයන්ට ෆයිසර් එන්නත ලබා දීම කඩිනම් වීම සම්බන්ධයෙන් ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා කළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඊට ප්‍රතිචාර වශයෙනි. මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රම සමඟ යූ ටියුබ් සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය තිස්ස විතාරණ මේ බව සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට පවතින එන්නත් කිසිවක් සියයට සියයක ආරක්ෂාවක් රෝගය සම්බන්ධයෙන් ලබා නොදුන්නද මෙම එන්නත් මඟින් කොවිඩ් වෛරසය නිසා සිදුවන අසාධ්‍ය වීම් සහ මරණ වළක්වා ගත හැකි බව මේ වනවිට විද්‍යාත්මක ව තහවුරු වී ඇති බව සඳහන් කළේය.එබැවින් එන්නත ලබා ගැනීම වඩාත් වැදගත් යයි ද මහාචාර්යවරයා සඳහන් කළේය.


Exit mobile version