එන්නත් විරෝධයත් සමග කොවිෂීල්ඩ් ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක්…

නතාෂා නෙත්මිණි  –     

කොවිඩ් මර්දනය සඳහා වූ ඉන්දියාවේ නිෂ්පාදිත  “ඇස්ට්‍රා සෙනෙකා” හෙවත් “කොවිෂීල්ඩ්” එන්නත සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

එන්නත ලබා ගැනීමට ඇතැම් සෞඛ්‍ය කාර්මණ්ඩල සාමාජිකයින් අකමැත්ත පළකර ඇති බවට තොරතුරු  හෙළිවීමත් සමග මේ සඳහා අවධානය යොමුවූ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්  සඳහන් කරයි.

එන්නතක් හෝ ඖෂධයක් කිසිදු පුද්ගලයෙකුට බලෙන් ලබාදිය නොහැකි බවත් එන්නත ලබා ගැනීමෙන් එම පුද්ගලයාට පමණක් රෝගයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ශරීරය තුළ ගොඩ නැගෙන බවත් ඔහු පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් එන්නත ලබා දීම හෙට (29) සිට ආරම්භ කරන අතර එන්නත ලබා ගන්නා හා නොගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් ගණනය කළ හැක්කේ ඉන් අනතුරුව යැයිද ලේකම්වරයා සඳහන් කළේය.

 

Exit mobile version