එන්නත් මධ්‍යස්ථානයකට යන්න ගිය තිදෙනෙක් රිය අනතුරකින් මරුට… මාස 04ක ළදරුවෙක් ඒ අතර.

death

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක් වෙත ගමන් කරමින් සිටි පිරිසක් රැගත් ත්‍රී රෝද රථයක් මීගොඩ වැටරැක දුම්රිය ස්ථානය ආසන්නයේදී ලොරි රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් මාස හතරක් වයසැති ළදරුවක් ඇතුළු තිදෙනක් එතැනම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ බිළිදාත්, බිළිඳාගේ ආච්චි අම්මා සහ ත්‍රිරෝද රිථයේ රියැදුරාත් බව වාර්තා වේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ බිළිඳාගේ මව කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version