එන්නත් 13000ක් පවුලවලට විදගැනීම සුළුදෙයක් යයි GMOA කියයි

GMOA

එන්නත් මාත්‍රා 13000 ක ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය බස්නාහිර පළාතේ වෙසෙන සෞඛ්‍ය සේවකයින්ගේ දෙමාපියන්ට ලබා දීමට කටයුතු කළ බවත් මෙය දැනට ලබා දි ඇති මුළු මාත්‍රා ප්‍රමාණයෙන් සියයට 1 ක කටත් වඩා අඩු ප්‍රමාණයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනෙල් ප්‍රනාන්දු පවසයි. මේ වනවිට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාඩජිකයන්ගේ පවුල්වල සාමාජකයන්ට පමණක් එන්නත් ලබා දීම සම්බන්දයෙන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය සෙනෙල් ප්‍රනාන්දු පවසන්නේ එය වරප්‍රසාදයක් නොව උපාය මාර්ගිකව රෝගය පැතිරිම වැළැක්වීම සඳහා ගන්නා වූ තාක්ෂණික පියවරක් බවය.

වෛද්‍ය සෙනෙල් ප්‍රනාන්දු විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන් වේ.

කොරෝනා මැඩලීම සඳහා එන්නත්කරණය ඉතා තීරණාත්මක කාර්යභාරයක් සිදු කිරිමට නියමිතය.
එහිදී එන්නත්කරණය උපාය මාර්ගිකව ක්‍රියාත්මක කිරිම මගින්


01. මරණ සංඛ්‍යාව අඩු කිරිමටත්
02. රෝගය පැතිරිම අවම කිරිමටත් හැකිවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වසංගතය සඳහා එන්නත්කරණය ආරම්භ කර මාස 04 කි. මේ වන විට එන්නත් මාත්‍රා මිලියන 02 කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇත. පසුගිය මාර්තු මාසයේ සිට සෞඛ්‍ය සේවකයින්ගේ පවුල් වල අයට එන්නත් ලබා දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉල්ලිම් සිදුකළේය.
සිව්වන කොරෝනා රැල්ල ආරම්භ වීමත් සමග රෝගින් විශාල ප්‍රමාණයක් රෝහල් වලට පැමිණිම නිසා ඒ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් මගින් ඔවුන්ගේ පවුල් තුල සහ වාසය කරන ප්‍රදේශ වල රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා අප උපායමාර්ගිකව එන්නත් කිරිම සුදුසු බව පෙන්වාදුනි.
එම කරුණු දැක්වීම මත එන්නත් මාත්‍රා 13000 ක ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය බස්නාහිර පළාතේ වෙසෙන සෞඛ්‍ය සේවකයින්ගේ දෙමාපියන්ට ලබා දීමට කටයුතු කරන ලදි. මෙය දැනට ලබා දි ඇති මුළු මාත්‍රා ප්‍රමාණයෙන් සියයට 1 ක කටත් වඩා අඩු ප්‍රමාණයකි. එය වරප්‍රසාදයක් නොව උපාය මාර්ගිකව රෝගය පැතිරිම වැලැක්වීම සඳහා ගන්නා වූ තාක්ෂණික පියවරකි.
නමුත් මේ තාක්ෂණික පියවර සෞඛ්‍ය සේවකයින්ට ලැබුණ වරප්‍රසාදයක් ලෙස අර්ථ දක්වමින් සමහර වෘත්තීය සමිති වල නායකයින් යැයි කියා ගන්නා පිරිස් කටයුතු කරණ අයුරු අප විසින් නිරික්ෂණය කරන ලදී.
ස්තූතියි,
මීට විශ්වාසි
වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු
ලේකම්

Exit mobile version