එජාප නායකයා ගේන්න කඳවුරු 3ක්

නායකත්ව අර්බුදය නිසා මේ වන විට එක්සත් ජාතික පක්ෂය පක්ෂ ක්‍රියාකාරීන් කඳවුරු තුනකට බෙදී නව නායකයෙක් පත් කර ගැනීම සඳහා පියවර ගෙන තිබේ.

ඒ රුවන් විජයවර්ධන මහතාගේ කදවුර කරු ජයසූරිය මහතාගේ කදවුර සහ එම දෙදෙනාම ප්‍රතික්ෂේප කරන කදවුර වශයෙනි.

වත්මන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කණ්ඩායමක්, තරුණ නායකයෙකු ලෙස රුවන් විජේවර්ධන මහතා පක්ෂ නායකත්වයට ගෙන ඒමට උත්සාහ දරන අතර හිටපු කථානායක කරු ජයසූරිය මහතා පත්කර ගතයුතු බවට පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් කටයුතු කරති.


රුවන් සහ කරු යන දෙදෙනාම නායකත්වයට නුසුදුසු නැතිබව පවසමින් වචන අභයවර්ධන මහතා ප්‍රමුඛ කණ්ඩායමක් පක්ෂය අභ්‍යන්තරයෙහි සටනක් දියත් කර ඇත.

මේ අතර කරූ ජයසූරිය මහතා නායකත්වයට පත්වන්නේ නම් එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය එකඟතාව පළ කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උද්ගතව තිබෙන අර්බුදය ලබන සතියේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සමථයකට පත් කර නව නායකයා සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බව එජාප ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version