එක එන්නත් මාත්‍රාවක් පමණක් ලබා සිටීමේ බිහිසුණුකම විශේෂඥවරු පෙන්වති…

භායානක විකෘති ප්‍රභේද ඇති වීමේ අවදානම වැඩියි…  බ්‍රසීලයේ හා අප්‍රිකාවේ විකෘති ප්‍රභේද අති වුනේ එහෙමයි... 

COV

කොවිඩ් වයිරසයේ විකෘතිතාවන් ඕනෑම පුද්ගලයෙකු තුළ ඇතිවිය හැකි  බැවින් විකෘති වයිරසයන් විදේශයන්ගෙන් මෙහි  පැමිණෙතැයි සිතා කටයුතු කිරීම උචිත  නොවන බවත් අප රට තුළම එවැන්නක් නිර්මාණය විය හැකි  බවත් ඖෂධ   කළමණාකාරනය පිලිබඳ  උපදේශක ආචාර්ය සංජය පෙරේරා පවසයි. 

පුද්ගලයෙකුට එක් එන්නත් මාත්‍රාවක් දුන් පසුව එම පුද්ගලයාගේ ශරීරය තුල වයිරසයට විරුද්ධව ප්‍රතිදේහ කොටසක් සාදනු ලබන අතර එවන් අවස්ථාවක වයිරසය ශරීර ගත වී ඇත්නම් එය සටන් කර නව ප්‍රභේදයක් සෑදීමට උත්සහ දරන බව ඔහු පෙන්වා දෙයි. එහි ප්‍රතිඵලය වන්නේ  නව වෛරස් ප්‍රභේදයක් ඇති කිරීම යැයි අනුමාන කළ හැකි බව කියන ආචාර්යවරයා  මේ වන විටත්  ඇමරිකාවේ සහ එංගලන්තයේ විශේෂඥවරුන් කරන පර්යේෂණයන්ගෙන් ඒ බව අනාවරණය වෙමින් පවතින බව ද සදහන් කරයි.

බ්‍රසීලයේ හා දකුණු අප්‍රිකාවේ  කොවිඩ් සෛලවල විකෘතිතා ඇති වුයේ මෙලෙස යැයි එම විද්‍යාඥයින් අනුමාන කර ඇතැයිද   ඔහු පෙන්වා දෙයි.


දැනට  ශ්‍රී ලංකාව තුල    පැතිර යන B1.1.7 වයිරසය චීනයේ වූහාන් නගරයේ පැතිර ගිය වයිරසයට වඩා සියය 50 – 80 අතර ප්‍රබලතාවකින් පැතිර යන බවත්    මෙම වයිරස ව්‍යාප්තියේ  ප්‍රබලතාව අනුව  පුද්ගලයින් දෙදෙනෙකු අතර දුරස්ථභාවය  මීටර් දෙකකට  වඩා වැඩිවිය යුතු බවත් ආචාර්ය සංජය පෙරේරා කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වයිරසය හිරු එළිය අඩු අදුරු ස්ථානය  තුල පැය 6ට වඩා වැඩි කාලයක් රැදී සිටීමේ හැකියාව ඇති බව තහවුරු වී ඇති මෙම වෛරසය විවිධ විකෘතිතාවන්ට ලක්වියහැකි බවත් එම විකෘතිතාවන් මීට වඩා ප්‍රබල විය හැක බවත්  ඔහු පෙන්වා දෙයි.

Exit mobile version