එක් අයෙකුට කොරෝනා වැළඳමත් සමග දකුණෙන් මන්නාරමට පැමිණ 60ක් අතුරදහන්…

දිනසේන රතුගමගේ –

මන්නාරමේ දේවස්ථානවල හා මහා මාර්ග වල සේවය සදහා දකුණෙන් පැමිණි පුද්ගලයින්ගෙන් 60 දෙනෙකු පමණ කිසිදු ආකාරයක කොරෝනා පරීක්ෂණයකට ලක්ව නොමැති බව මන්නාරමේ සෞඛ්‍ය නිලධාරීහු පැවසූහ.

මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එස්.විනෝදන්   කියා සිටියේ මන්නාරමේ වසා දමා තිබූ පළාත් දෙකක් යළි විවෘත කරණු ලැබුවද එම පළාත්වල වැසියන් කෙරෙහි සෞඛ්‍ය අංශ නිලධාරීන් දැඩි අවධානයකින් සිටින බවයි.

මන්නාරමේ දේවස්ථාන වල සේවය සඳහා පැමිණි පිරිසක් අතරින්  එක් අයෙකුට කොරෝනා රෝගය වැළදී තිබූ බවත් ඒ ඔස්සේ කරණ ලද පී.සී.ආර්.පරීක්ෂණ වලදී තවත් කොරෝනා රෝගීන් පස් දෙනෙකු මන්නාරමෙන් හමු වූ බවත් එම නිලධාරියා පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ආරංචිය පැතිර යාමත් සමගම මන්නාරමේ සෙසු දේවස්ථාන වල හා මහා මාර්ග වල සේවය සදහා පැමිණ සිටි පුද්ගලයින්ගෙන් 60 දෙනෙකුට වඩා ඔවුන් මන්නාරමේ තාවකාලිකව පදිංචිව සිටි ස්ථාන වලින් අතුරුදහන් වී ඇති බවට තොරතුරු ලැබී තිබේ.

Exit mobile version