එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියෙන් පසු 06වන ඩොල්ෆින් සිරුරත් හමුවෙයි…

තුෂාරී කළුබෝවිල –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් මිය ගිය 06 වැනි ඩොල්ෆින් ක්ෂිරපායි සත්ත්වයා 14වැනිදා පෙරවරුවේ කලුතර උතුර කැලිඩෝ වෙරළ ආසන්නයට ගසාගෙන ඇවිත් තිබුණි.

දිගින් අඩි 7ක් පමණ වන මෙම ඩොල්ෆින් දිවයිනේ දකුණු මුහුදු තීරයේ කල්පිටියට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල දැකිය හැකි වන “හම්බැක්” වර්ගයට අයත් ඩොල්ෆින් සත්ත්වයෙක් වන අතර එම වර්ගය කලුතර ආශ්‍රිත ව දැකිය නොහැකි බව පරිසරවේදී නයනක රන්වැල්ල “ලංකාසර”ට පැවසීය.

මෙම සත්ත්වයා ළාබාල වයසේ පසු වූවකු බවත්, දින හතරකට පමණ පෙර මිය යන්නට ඇති බවත් ඔහු කීවේ ය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට මුසු වූ විෂ රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය හේතුවෙන් මෙම අධි සංවේදී මුහුදු ජීවීන් මියයමින් ඇතැයි ඔහු පෙන්වා දෙයි.

Exit mobile version