එක්ස්ප්‍රස් පර්ල් ප්ලාස්ටීක් තලේමන්නාරමටත් යයි…

ගිනිගෙන සැකිලි වී ගිලාසිමින් ඇති නැව

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගන්නා ලද එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් වලින් මුහුදට එක් වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මන්නාරම මුහුදු වෙරළට අද ( 10 ) දා උදෑසන ගොඩ සැසූ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පැවසීය.

මන්නාරමේ ධීවරයින් විසින් තමන්ට මේ බව දැනුම් දීමෙන් පසුව තමන් මන්නාරම් මුහුදු වෙරළ නිරීක්ෂණය කළ බවත් වෙරළේ තැනින් තැන ප්ලාස්ටික් බෝල හා තවත් ප්ලාස්ටික් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මන්නාරම දිසාපතිවරයාත් මන්නාරමේ නාවික හමුදාවත් සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීනුත් මේ පළාතට පැමිණ මුහුදු වෙරලට ගොඩ ගසමින් තිබෙන දෙවල් නිරීක්ෂණය කොට තිබේ.

මන්නාරමේ ධීවරයින්ට මෙම ද්‍රව්‍ය අතපත ගෑමෙන් වළකින ලෙසත් වෙරළ ප්‍රදේශයට නොයන ලෙසත් ධීවර නිලධාරීන් පොලීසිය හා අනෙක් නිලධාරීන් දැනුම් දී ඇතත් පුත්තලම ප්‍රදේශයේ සිට මන්නාරම දක්වාත් ඉන් පසුව පේසාලේ තලෙයිමන්නාරම දෙසටත් පිහිටි මුහුදු වෙරළට එම ප්ලස්ටික් ද්‍රව්‍ය ගොඩ ගසමින් ඇති නිසා විශාල ප්‍රදේශයකට ධීවරයින්ට තහංචි පැනවීම අසීරු කරුණක් වී තිබේ.

Exit mobile version