එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාට සහ ඉංජිනේරුවරයාට රටින් පිටවීම තහනම්….

කිර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාට හා ඉංජිනේරුවරයාට මෙරටින් පිටවීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (01) නියෝගයක් නිකුත් කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ නැවේ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බලමිනිත

නෞකාවේ කපිතාන්වරයා ඇතුලු කාර්ය මණ්ඩලයෙන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

Exit mobile version