එක්ස්ප්‍රස් පර්ල් ගිලී යන ආකාරය…

ගිනිගත් පර්ල් එක්ස්ප්‍රස් නැව බිඳී මුහුදු පත්ලේ සැඟව යමිනි. ඒ බොහෝ ප්‍රශ්න ප්‍රමාණයක් ශේෂ කරමිනි. දින කිහිපයකට පෙර නාවික හමුදාපතිවරයා කීවේ නැව දෙකඩ වීමේ අවදානමක් නැති බවය. එහෙත් ඉන් දෙදිනකට පසු එවැනි අවදානමක් ඇති බව කීවේය.

ජානාධිපතිවරයා නැව ගැඹුරු මුහුදට අදින්නට නාවික ප්‍රධානීන්ට දැනුම් දෙන්නේ ඊයේ ය. එහෙත් නැව දෙකඩ වී ගිලී යමිනි.

ගලවාගැනීමේ කණ්ඩායමක් කොළඹ වරාය ආසන්නයේ සිට ගැඹුරු මුහුද දක්වා ඇඳගෙන යමින් තිබෙන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට ගිනිගැනීමෙන් දැඩි හානි සිදුවී තිබීම නිසා කොපමණ දුරක් ගෙන යා හැකි ද යන්න නිෂ්චිතව කිව නොහැකි බව අද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා  පැවසීය.


නෞකාව තල්ලු කිරීම ආරම්භ කිරීමත් සමඟ මුහුදු ජලය පිරීම ආරම්භ වූ බවත් ඒ හේතුවෙන් නැවේ පසු පස කොටස තව දුරටත් පහළට තල්ලු වන තත්වයක් ඇති වූ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මුහුදු ජලය අඛණ්ඩව පිරුණ හොත් නෞකාව කොපමණ දුරක් ඇඳගෙන යෑමට හැකිවේද යන්න කිවනොහැකි බවත් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගෙන යන්නේද යන්න තීරණය සෙසු බලාධාරීන් ගත යුතු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.  ශ්‍රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් (නැව් පෙත) ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද (02) පෙරවරුවේ ආරම්භ කළේය.

නෞකාව තල්ලු කිරීමේ කාර්යට සහාය වීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් ද විය.

නැව ගිලෙමින් යන ආකාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අදියරෙන් අදියර නිරීක්ෂණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ඒ පර්ල් එක්ස්ප්‍රස් අදියරෙන් අදියර ගිලී යන ආකාරයයි.

 

Exit mobile version