එංගලන්තෙට එන කොවිඩ් එන්නත අපිට ගැලපෙන්නේ නෑ… රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ජයසුමන

බ්‍රිතාන්‍යය විසින් පසුගියදා භාවිත කිරීමට අනුමත කරන ලද ෆයිසර්සහ බියොන්ටෙක් සමාගම් විසින් නිපදවන ලද කොවිඩ්19 එන්නත ශ්‍රි ලංකාව වැනි ඝර්ම කලාපීය රටක භාවිත කිරීම ප්‍රායෝගිකව අපහසු බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් සහ නියාමනය භාර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. අමාත්‍යවරයා මේ බව පවසන්නේ මාධ්‍ය මඟින් මෙන්ම ඊයේ පාර්ලිමේන්තුවේදී දේශපාලකයන් විසින්ද මේ පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

මහාචාර්ය ජයසුමන ට අනුව මෙම එන්නත ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේ දී ඉතා අධික ශීත දාමයක් පවත්වාගෙන යා යුතුය. එය සෙල්සියස් අංශක සෘණ 70ක් පමණ අගයක වන අතර එවැනි අධික ශීත ගබඩා පහසුකම් අප රට තුළ ප්‍රමාණවත් තරම් නොමැති බවය. දැනට එවැනි අධික ශීත ගබඩා පහසුකම් ඉතා සුළු ප්‍රමාණයක් ලේ බැංකුවේ සහ විශ්ව විදයාල කිහිපයතක පවතින අතර එය ට අවශ්‍ය විශාල එන්නත් ප්‍රමාණයක් ගබඩා කිරීමට ප්‍රමාණවත් නොවන වව ඔහු සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ඊට වඩා අඩු උෂ්ණත්ව යටතේ ක්ෂේත්‍රය දක්වා භාවිත කළ හැකි එන්නත් මේ වනවිට සාර්ථකව අත්හදා බලා ඇති බවත් ඉදිරියේදී මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟද සාකච්ඡා කෙට එකඟතාවකට පැමිණිය හැකි බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ලබන පෙබරවාරි මාසය වනවිට ශ්‍රි ලංකාවෙ තෝරා ගත් කොටසකට එන්නත් ලබා දීමට අවශ්‍ය කටයුතු යෙදිය හැකිබවනු ඇති වව සඳහන් කළේය.


Exit mobile version