උසස් පෙළ දවස්වල අඛණ්ඩ විදුලිය දෙන්න බැරි වැඩිපුර වැයවන බිලියන 04ක් නිසාලු… මාස 03කට වැඩි අය නොකළ විදුලි බිල්පත් වටිනාකම බිලියන 04ට වැඩියි…

උසස්පෙළ දවස්වල හෝ අඛණ්ඩ විදුලිය ලබා නොදීමට දේශපාලකයින් පමණක් නොවෙයි... ලංවිම පරිපාලනයත් වග කිව යුතුයි..

කීර්ති ප්‍රනාන්දු –

උසස්පෙළ විභාගය පවත්වන වකවානුවේ දී අඛණ්ඩ විදුලිය සැපයිය නොහැක්කේ රුපියල් බිලියන 04 ක් සොයා ගැනීමට නොහැකි වීම නිසා බව විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විසින් පවසනු ලැබුව ද මාස තුන ඉක්මවූ එකතු කර නොගත් විදුලි බිල්පත්වල වටිනාකම පමණක් රුපියල් බිලියන 04ක් බව ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    සංගමයේ සභාපති  ඒ.ජී.යූ නිශාන්ත ලංකාසරට පැවසීය.

ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    සංගමයේ සභාපති  ඒ.ජී.යූ නිශාන්ත

රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන, පුද්ගලික අංශය සහ සාමාන්‍ය පාරිභෝගික ජනතාවගෙන් විදුලිබල මණ්ඩලයට අය විය යුතු බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 44ක් ඉක්මවන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මේ රතර බොල් ණය ලෙස රුපියල් බිලියන 2.2ක් කපා හැර ඇතැයිද ඔහු කීවේය.

මේ තත්ත්වයට හේතුව විදුලිබල මණ්ඩලය විදුලි ඉංජිනේරුවරුන්ගේ ඒකාධිකාරියක් යටතේ පාලනය වීම න්සා ඔවුන් ඉංජිනේරුමය දෘෂ්ටියකින් සමස්ථය දෙස බැලීමේ දී අලෙවිකරණය සහ වාණිජ අංශවල බරපතල පසුබෑමක් නිර්මාණය වී තිබීම බවත් තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    පෙන්වා දුන්නේය.


“අවසානයේ දී උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව අඩු වුනේ විනාඩි 20ක් විතරයි. මේ තත්ත්වයට දේශපාලකයින් පමණක් නොවෙයි, විදුලිබල මණ්ඩලයේ පරිපාලන ව්‍යුහයේ පවතින බරපතල පරිපාලන අර්බුදයත් එක හා සමානව වග කිව යුතුයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    සංගමයේ සභාපති  ඒ.ජී.යූ නිශාන්ත කීවේය.

Exit mobile version