උද්දච්ච ආණ්ඩුවට එරෙහි වර්ජනය ඓතිහාසිකයි… අති සාර්ථකයි… සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය! 

කුළු පොළු මැරයින් එව්වොත් වර්ජනය දිගටම ඇදෙයි… නැතිනම් ආණ්ඩුවට දින 07 කල් දී  හෙට උදේ 08ට වර්ජනය නවත්වනවා…  

ශ්‍රියානි විජේසිංහ –

ආණ්ඩුවේ උද්දච්ඡ ප්‍රතිපත්ති විසින් අද කැඳ වූ වර්ජනය ඓතිහාසික එකක් වනවා සේම අතිසාර්ථක එකක් බව සෞඛ්‍ය සේවක  වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය සදහන් කරයි.

දිවයිනේ රෝහල් භූමියකට හමුදාව පොලිසිය හෝ මැරකණ්ඩායම් නොපැමිණියහොත් හෙට උදෑසන 8.00ට වර්ජනය අවසන් කරන බව බලමණ්ඩලයේ කැඳවුම්කරු රවී කුමුදේශ්   සඳහන් කරයි. ‍

මෙම වර්ජනය නතර කළ ද තම ගැටලු වලට විසදුම ලබා දීමට සඳහා ඉදිරි දින 7 තුළ සාකච්ඡාවක් ලබා දෙන මෙන්ද ඒ සඳහා ආණ්ඩුවට  හෝ දේශපානඥයින්ට කඩේ යන  පැන්ෂන්ගිය වෘත්තීය සමිති නායකයින් සාකච්ඡාවට නොයවන ලෙසත් ඒ වෙනුවට වර්ජකයින්ගේ ගැටලුවට විසඳුම් ලබා දිය හැකි සැබෑ නිලධාරියෙක්  හෝ කණ්ඩායමක් සහභාගි කරවන ලෙසත්  රවී කුමුදේශ්  ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලිමක් කරයි.‍

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලිච්ඡවි ප්‍රතිපත්තිය එකවරක් නොව නැවත නැවතත් කියවා මේ සකච්ඡාවට සහභාගි වන ලෙස බලමණ්ඩලය ජනාධිපතිරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.


Exit mobile version