විරෝධතා  විසුරුවන්න බස්නාහිර පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දුන් පොලිස් ඇමතිට පොලිසියෙන් උත්තරයක්!

විරෝධතා විසුරුවා හැරීමට පොලිස් ඇමතිගෙනන් පහසුකම්... ඇමති පොලිසියට පොරොන්දු වෙයි!

රට පුරා දිගින් දිගටම සිදුවන උද්ඝෝෂණ එදිනෙදා පරිපාලන කටයුතුවලට බාධා ඇති කරන බැවින් පාරවල්වල සිදුවන එම විරෝධතා හැකි ඉක්මනින් විසුරුවා හැරීමට කටයුතු කරන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් අද ( 26) බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් සිය අමාත්‍යාංශයට ගෙන්වා උපදෙස් දී  තිබේ.

මේ අවස්ථාවේ දී එම පොලිස් ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ මෙවැනි උපදෙස් ක්‍රියාත්මක කිරීමට යෑමෙන් නීතිය හමුවේ පොලිසිය හුදකලා වන බවත් සිද්ධියක් වූ පසු කිසිවෙක් රැකවරණයට නොමැති බවත්ය.

උදාහරණ ලෙස රඹුක්කන සිද්ධිය දැක්වූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උක්ත   පොලිස් අධිකාරීවරයා සහ නිලධාරීන් අද කිසිවෙකුගේ රැකවරණයක් රහිතව සිය පුද්ගලික ධනය වියදම් කර   නඩු කටයුතු පවත්වාගෙන යන බව පෙන්වා දී ඇත.

ඇමතිවරයා විසින් මෙවැනි උපදෙස් ලබා දෙනවාට වඩා උචිත වන්නේ විරෝධතාවයක් පවතින අවස්ථාවක පොලිසිය ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධව නීතිපති උපදෙස් මත මාර්ගෝපදේශයක් පොලිසියට ලබා දීම බව එම නිලධාරීන් ඇමතිවරයාට දන්වා තිබේ.


පවතින තත්ත්වය තුළ ඉදිරියේ දී මහජන පීඩනය තවත් වැඩි විය හැකි බවත් මේ පවතින විරෝධතා මීට වඩා තිව්‍ර විය හැකි බවත් එම  .අඩුම තරමින් මේ රට තුළ රබර් උණ්ඩවත් භාවිතා කිරිම තහනම් කර ඇති බවත් ඔවුන් ඇමතිවරයාට පෙන්වා  දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එවිට පොලිස් ඇමති ටිරාන් අලස්  මෙම නිලධාරීන්ට පොරොන්තු වී ඇත්තේ විරෝධතා විසුරුවා හැරීම සඳහා  රබර් උණ්ඩ භාවිතය ඇතුළු අනෙක් නෛතික ආවරණය නීතිපතිවරයා හා සාකච්ඡා කර ලබා දීමට කටයුතු කරන බවය.

Exit mobile version