උද්ඝෝෂණය මඩින්න ගිය පොලිසියේ 30 නිරෝධායනයේ…

අමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පසුගිය දා පැවැත් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණය මැඩ පැවත්වීමට සම්බන්ධ වූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරීන්  තිස් දෙනෙක් (30) දින 14ක් නිරෝධායනයට ලක් කර ඇත.

අත්තිඩිය ප්‍රදේශයේ පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ මෙම නිලධාරීන් නිරෝධායනයට ලක් කර සිටිය ද එකාපිට එකා වැටෙන සේ පොලිස් වාහනවල පටවාගෙන යන ලද උද්ඝෝෂකයින් කිසිවෙක් මෙතෙක් නිරෝධායනයට ලක් කර නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති මෙම උද්ඝෝෂණයට සහභාගී වූ උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන යෑඹට අදාලා නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.


Exit mobile version