උදයංගගේ හිතුවක්කාරකම් ගැන සංචාරක සභාපතිනියගෙන් ඇමතිට පැමිණිල්ලක්

රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග මහතාගේ මැදිහත්වීම මත නියමු ව්‍යාපෘතියක් ලෙස මෙරටට ගෙන්වූ පළමු යුක්රේන සංචාරක කණ්ඩායමේ ගමන් බිමන් පිළිබඳව තොරතුරු සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ඉල්ලූ අවස්ථාවේ වැඩසටහනේ ප්‍රවර්ධකයා එය ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් සිදුකරන වැඩක් ලෙස පවසා තමන්ට තොරතුරු ලබානොදීම පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

ඇය මෙම ලිපියෙන් අමාත්‍යවරයාගේ මැදිහත්වීම ඉල්ලා ඇති අතර සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ කිසිදු සම්බන්ධිකරණයක් ඇති නොවීම හේතුවෙන් සෞඛ්‍යය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතනවලට අදාළ පියවර ගැනීම්ද අසීරුතා නිර්මාණය වන බව සඳහන් කොට ඇත.

පසුගිය 02 වැනිදා දාතමින් යවන ලද මෙම ලිපියෙන් සංචාරක සභාපතිවරිය පවසන්නේ මෙම සංචාරකයන් මෙහෙයවන ආයතන සහ පුද්ගලයන් මෙම සංචාරකයන් යන එන තැන් පිළිබඳ කිසිදු තොරතුරක් තම ආයතනයට ලැබී නොමැති අතර එය කාර්ය සාධක බලකාය සමඟ ගිවිස ගත් ආකාරයට කටයුතු කර නොමැති බවය.


මෙම තොරතුරු සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මෙම අදාළ පුද්ගලයන්ගෙන් ලබා ගැනීමට උත්සාහ කළද එම තොරතුරු ලබා ගත නොහැකි වී ඇත.

මෙම වැඩසටහනේ ප්‍රවර්ධකයා වන පුද්ගලයා ගෙන් අදළ තොරතුරු සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී තමන් වැඩ කරන්නේ ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් බවට කළ ප්‍රකාශය පිළිබඳව අවධානය යොමුකරවන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දින සීගිරිය සහ පොළොන්නරුවේ මෙම කණ්ඩායමක් සංචාරය කිරීමට නියමිතව තිබුණද එම ගමන් අවලංගු වීමට ද හේතු වී ඇත්තේ මෙම තත්ත්වය බව මෙම අරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

Exit mobile version