උදයංගගේ රුසියානු සංචාරක‍යෝ 29 වැනි දා සිට එති

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (බීඅයිඒ) සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) රුසියානු සංචාරකයින්ට පැමිණීම සඳහා දෙසැම්බර් 29 සිට ජනවාරි 16 දක්වා අර්ධ වශයෙන් විවෘත වේ.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ‘ද අයිලන්ඩ්’ පුවත් වෙත පවසා ඇති පරිදි කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද මීට අදාළ නියමු ව්‍යාපෘතියේ අරමුණ වන්නේ රුසියාව, කසකස්තානය සහ යුක්රේනය යන රටවලින් පැමිණෙන සංචාරකයන් 6,000 ක් පමණ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙරටට ගෙන්වා ගැනීම බවයි.

බේරුවල, කොග්ගල, බෙන්තොට, අහුන්ගල්ල සහ කළුතර යන වෙරළාශ්‍රිතව ඇති හෝටල් 16 ක් මොවුන් නවාතැන් ගැනීම සඳහා තෝරාගෙන ඇත.


පළමු වරට රුසියාවේදී පැය 72 කට පෙර PCR පරීක්ෂා කර පැමිණෙන මෙම සංචාරකයන් ගුවන්තොටුපලේ සිට හෝටල් වෙත පැමිණෙන්නේ අනිවාර්ය දෙවන PCR පරීක්ෂණයෙන් පසුවයි.

මෙම සෑම සංචාරකයෙකුම දිනකට ඇමරිකානු ඩොලර් 1500 ක් පමණ මෙරටදී වැය කිරීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

ශ්‍රී ලාංකිකයන් මෙම සංචාරකයන් සමග සම්බන්ධ වූයේ නැතැයි සහතික කිරීම සඳහා ඔවුන් නවාතැන් ගන්නා හෝටල් වෙත යන වෙරළ සහ මාර්ග හුදකලා කෙරේ.

සංචාරකයින් සමඟ සම්බන්ධ වන හෝටල් කාර්ය මණ්ඩලය දින 21 ක් හෝටල්වලම රැඳී සිටිනු ඇත.

රුසියානුවන් ඔවුන්ගේ නිවාඩු කාලය ගත කිරීම සඳහා ගමනාන්තවලට, විශේෂයෙන් මුහුදෙන් ගමන් කිරීමට බලාපොරොත්තු වේ.

මෙම කාණ්ඩය වයස් සීමාව අවුරුදු 30-40 අතර වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සංචාරකයින් නොපැමිණීම නිසා මෙරට සමස්ත සංචාරක ක්ෂේත්‍රයට බලපා ඇති අතර මෙය මෙම ඊට ගොඩනැගීමට යම් රුකුලක් වනු ඇඇතැයි උදයංග වීරතුංග මහතා පැවසීය.

Exit mobile version