උතුරේ සිරියාව වූ අවුරුදු 104 අත්තම්මා දිවි සැරියෙන් සමු ගනී

දිනසේන රතුගමගේ –

යාපනයේ වයෝවෘද්ධම  හා නිරෝගී කාන්තාව ලෙස සමාජසේවා දෙපාර්තමේන්තුව විසින් හදුණාගෙන සිටි වයස අවුරුදු 104 ක් වූ කාන්තාව 31 දා මියගොස් තිබේ.

යාපනයේ වඩමරච්චි කරවෙඩ්ඩි උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචි වේලුපිල්ලෙයි සින්නම්මා නැමති මේ මාතාව 1916 වසරේ උපත ලබා ඇති අතර ඇයට දරුවන් හත් දෙනෙකු සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුණුබුරු මිනිපිරියන් හා මී මුණුබුරු මිනිපිරියන්  72 කු මියගිය සින්නම්මාට ඥාතිකම්  කියති. ලෝක යුද්ධ දෙකක් අත් දුටු මේ මාතාව මිය යන තුරුම ඉතා නීරෝගීව සිටි බවද සමාජ සේවා නිලධාරීන් කියා සිටියි.


Exit mobile version