උතුරේ දූපත් බලාගාර චීනයට තාම දුන්නෙ නෑ

යාපනයේ ඩෙල්ෆ්ට් අවට දූපත් තුනේ සූර්ය හා සුළං හයිබ්‍රිඩ් විදුලි බලාගාර ඉදිකිරීම සදහා අඩුම ලංසුව ඉදිරිපත් කළ චීන සමාගමට ටෙන්ඩරය ලබා දීමට තීරණය කළ ද ඇමැති මණ්ඩලය මෙතෙක් එය අනුමත කර නැතැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පවසයි.

මෙම බලාගාර ඉදිකිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා ඇති අවස්ථාවක ඉන් ඉවත් විය නොහැකි බව ද හෙතෙම කියා සිටියේ අද (24) පාර්ලිමේන්තුවේදී බදුල්ල දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රී චමින්ද විජේසිරී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සුළං සහ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන හයිබ්‍රිඩ් බලාගාර මෙරට පළමුවරට ඉදිවන්නේ මෙම දූපත්වල බව අමාත්‍යවරයා කීය.


සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩරය ඉවත් කරගත් අවස්ථාවේදී ශ්‍රී ලංකාවට මින්පසු අරමුදල් ලබා නොදෙන බවට ජපාන ජාත්‍යන්තර සහයේගීතා ඒජන්සිය (ජයිකා) ප්‍රකාශ කළ බවද ඇමතිවරයා මෙහිදී සිහිපත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් කලක් ඩීසල් ජෙනරේටර් මගින් දවසේ සීමිත වේලාවක් විදුලිය ලැබුණු එම දූපත් වැසියන්ට මෙම බලාගාර මගින් අඛණ්ඩල විදුලිය ලබා දිය හැකි බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

Exit mobile version