උතුරේ කඩු කල්ලිවල සීඝ්‍ර වර්ධනයක්

දිනසේන රතුගමගේ

උතුරු පළාත තුළ වර්ධනය වෙමින් පවතින කඩු කල්ලි වල අපරාධ මර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ආරක්ෂක ලේකම්වරයාගෙන් 23 දා ඉල්ලීමක් කොට තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්.චාර්ල්ස් මහත්මිය ලිපියක් යවමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගෙන් ඉල්ලා ඇත්තේ මෙම අපරාධ කල්ලි නිසා උතුරේ වැසියන්ට විශාල තර්ජනයක් එල්ල වී ඇති බැවින් එම කණ්ඩායම් මර්දනය කිරීමට වහාම පියවර ගත යුතු බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලදී යාපනයේ එක් කල්ලියකට පමණක් සීමා වූ කඩු රැගෙන අපරාධ කරණ පිරිස මේ වන විට කල්ලි කීපයක් දක්වා වර්ධනය වී ඇති බවත් යාපනයට අමතරව ඔවුන් මුලතිව් පළාත තුලද ක්‍රියාත්මක බවට තොරතුරු ඇති බැවින් වහාම මේ පිලිබදව අවධානය යොමු කොට එම කල්ලි මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ඉල්ලා තිබේ.

Exit mobile version