උතුරු නැගෙනහිර පළාත්සභා රෝහල් හා පාසල් මධ්‍යම රජයට ගැනීමට එරෙහිව විග්නේස්වරන් නඩු කියන්න යයි…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරු නැගෙනහිර පාසල් හා රෝහල් පළාත් සභා පාලනයෙන් ඉවත් කොට මධ්‍යම රජයේ පාලනය යටතට ගැනීමට එරෙහිව දෙමළ ජනතා සන්ධානය ශේෂ්ඨාධිකරණයේ නඩු පවරණ බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේස්වරන් ඊයේ (21) පැවසීය.

යාපනයේ මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් විග්නේස්වරන් මන්ත්‍රීවරයා පැවසුවේ මේ රටේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවමත් බල සහිත නිසා රජයට පළාත් සභා පාලනය යටතේ පවතින රෝහල් හා පාසල් මධ්‍යම රජයේ පරිපාලනය යටතට ගැනීමට නොහැකි බවයි.

උතුරු නැගෙනහිර පළාත්වල පාසල් හා රෝහල් මධ්‍යම රජය යටතට ගැනීමෙන් ඒවා දියුණු කිරීමට නොහැකිබව පවසන විග්නේස්වරන් මන්ත්‍රීවරයා මේ පළාත්වල තිබූ සාමාන්‍ය මට්ටමේ පාසල් ගණනාවක්ම ජාතික පාසල් බවට උසස් කොට මධ්‍යම රජයේ පාලනය යටතට ගත් නමුත් ඒ පාසල්වල අඩුපාඩු මේ ක්‍රමය නිසා වැඩි වී ඇති බවද පෙන්වා දුන්නේය.

රෝහල්වල තත්ත්වයද ඒ ස්වභාවයටම පත්වන නිසා තම පක්ෂය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා උතුරු නැගෙනගිර පළාත්වල පාසල් හා රෝහල් පළාත් සභා පාලනය යටතේම පවත්වා ගන්නා බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Exit mobile version