උතුරු නැගෙනහිර ඓතිහාසික පුදබිම් ආශ්‍රිතව ඇති හමුදා කඳවුරු ඉවත් නොකරන්න… මහා නායක හිමිවරු ජනපතිට දන්වති!

ඉතාම සීමිත බෞද්ධ දායක පිරිසක් සිටින උතුරු නැගෙනහිර දෙපළාතේ ඓතිහාසික සිද්ධාස්ථාන යුද්ධය පැවති දශක තුනක කාලයේ සිට මේ දක්වා ආරක්ෂා කරගෙන නඩත්තු කළ ආරක්ෂ අංශ එම පුදබිම් වලින් ඉවත් නොකරන්නැයි ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මෙම වෙහෙර විහාර ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කළ මහා සංඝයා එම ප්‍රදේශවල විශාල මාජ කාර්යයක් කළ බවත්, දුගී දායක පිරිස බොහෝ විට රැකුණේ පන්සලෙන් බවත් පෙන්වා දෙන මහා නායක හිමිවරු එ් සඳහා ඉමත් පිටුබලයක් ලබා දුන්නේ ආරක්ෂක අංශ බව පෙන්වා දෙති.

උතුරු නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතිනා හමුදා කඳවුරු එම ප්‍රදේශයන්හි සුරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යෑම සුදුසු බවත් උන්වහන්සේලා ජනාධිපතිවරයාට දන්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උන්වහන්සේලා මහා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.


 

Exit mobile version