උතුරු ඉන්දියාවේ ප්‍රධාන බල කේන්ද්‍රස්ථානය බවට කිෂ්ට්වර් පත්වෙයි

ජම්මු කාශ්මීර් හි කිෂ්ට්වර් ප්‍රදේශයේ උතුරු ඉන්දියාවේ ප්‍රධාන බල කේන්ද්‍රස්ථානය ලෙස පත් කරන බව මධ්‍යම රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ජිතේන්ද්‍ර සිංග් පැවසීය. කිෂ්ට්වර් හි ඉදිකිරීමට නියමිත මෙගාවොට් 6000කට ආසන්න විදුලි ප්‍රමාණයක් නිපදවිය හැකි විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් පසු එම ප්‍රදේශය බල කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙන බව ඔහු සඳහන් කරයි.

“කිෂ්ට්වර් හි නිපදවන විදුලිය ජම්මු කාශ්මීර්වලට පමණක් නොව අතිරික්තය වෙනත් ප්‍රාන්තවලට ද විකිණීමේ හැකියාවක් තිබෙන බව අමාත්‍යවරයා පැවසීය. ඔහු ජම්මු සිට කිෂ්ට්වර් හි ජනතා රැලියක් ඔන්ලයින් ක්‍රමයෙන් අමතමින් මෙලෙස සඳහන් කළේය.

මධ්‍යම රජය හා යූටී එක්ව සිදු කරන ලද බලශක්ති ව්‍යාපෘති රැසක් තිබෙන අතර මේ වන පකාල් දුල් ව්‍යාපෘතියෙන් මෙගාවොට් 1000ක්, කිරු ව්‍යාපෘතියෙන් මෙගාවොට් 624ක්, ක්වාර් ව්‍යාපෘතියෙන් මෙගාවොට් 540ක් කිර්තායි ව්‍යාපෘතියෙන් මෙගාවොට් 930ක් ආදී ලෙස විදුලි නිපදවනු ලබයි. කිෂ්ට්වර් මේ සියලු ව්‍යාපෘති අතරින් වැඩිම විදුලි නිෂ්පාදනයක් සිදු කෙරෙන ව්‍යාපෘතියකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේ නිසාම උතුරු ඉන්දියාවේ විශාලතම බලශක්ති බලාගාරය බවට කිෂ්ට්වර් පත්වෙනවා. ඒ වගේමයි දේශීය ජනතාවට රැකියා අවස්ථා රැසකුත් උදා වෙනවා. හැකියාව තියෙන අයට වගේම හැකියාවක් නැති අයටත් රැකියා ලැබේවි.. 2014ට කලින් කිෂ්ට්වර්වලට යන පාර නිතරම නාය යෑම්වලට ලක් වෙන පාරක්. දෝදා – කිෂ්ට්වර් පාර සම්පූර්ණයෙන්ම අවහිර වෙලා තිබුණේ. ඒත් අද ජම්මු ඉඳලා කිෂ්ට්වර්වලට පැය පහකට අඩුවෙන් යන්න පුළුවන්.. මේ නව ව්‍යාපෘතියෙන් පස්සේ මේ ප්‍රදේශය තවත් දියුණු වේවි..” අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version